Menu Close

ආර්ථික හා සමාජ අභියෝගවලට මුහුණ දෙමින් ජිවිතය ජයගත් කාන්තාවන් ඇගයීම සඳහා  ගාමණි කොරෙයා පදනම විසින් ෆ්‍රීඩා  කොරෙයා සම්මාන උලෙළ පසුගිය (2023) වසරේ ආරම්භ කරනු ලැබිණි.

ක්‍රිඩාව, අධ්‍යපනය, ව්‍යවසායකත්වය මඟින් මෙන්ම පවුලේ දරිද්‍රතාව පරාජය  කොට ජිවිතය ජයගත්, කාන්තාවන් ඇගයීම හා ඔවුන් සවිබල ගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම සම්මාන උලෙළ  පිළිබඳව දැන්විම්වලට ප්‍රතිචාර දක්වමින් රට පුරා විසිරි සිටින ලේඛක ලේඛිකාවෝ 200කට වැඩි ප්‍රමාණයක් අයදුම් පත්  යොමු කළහ.

එසේ එවන ලද අයදුම්පත්  මනා පරීක්ෂාවකට ලක් කොට  තොරා ගත් 70 දෙනකුට ගාමණී කොරෙයා පදනම සකස් කළ දත්ත පත්‍රිකාව යවනු  ලැබු අතර, ධෛර්යවන්ත කාන්තාවක් ගැන කතා  පුවතක් ලීවීමට ද ඔවුන්ට ආරාධනා කරනු ලැබීය. ඔවුන් අතුරින් සෑම පළාතක්ම නියෝජනය වන පරිදි විශේෂ මණ්ඩලයක් මඟින් අධීක්ෂණයට සහ තක්සේරුවට ලක් කොට දිරිය කාන්තාවන් සහ ලේඛක ලේඛිකාවන් 44 දෙදෙනකු තෝරා ගෙන ඇගයීමට ලක්  කෙරිණි.

එවන ලද දත්ත පත්‍රිකා සහ කතාවලින් පෙනී ගියේ, මෙරට ග්‍රාමීය හා නාගරික කුටුම්බයන් තුළ මතුව තිබෙන සමාජ, ආර්ථික, සහ සංස්කෘතික ගැටලුවල  සැබෑ ස්වභාවයයි. මේ ගැටලුවලට අභියෝග කරමින් ජිවිතය ගොඩනඟා ගත් කාන්තාවන් අනුගමනය කළ උපාය හා උපක්‍රම  ගැන සමාජ කතිකාවක් ඇති කිරීම වැදගත් කටයුත්තකි.

 එමෙන්ම මෙරට දරිද්‍රතාවය තුරන් කිරීමට ප්‍රතිපත්ති සම්පාදන කිරීමේදී ෆ්‍රීඩා  කොරෙයා සම්මාන වැඩපිළිවෙළ මඟින් රැස්කර ගත් සමාජ සහ ආර්ථික දත්ත ප්‍රයෝජනවත් වන බව නිසැකය.