
36 Winners Bag Awards at Freda Corea Awards 2024
18 outstanding female entrepreneurs and their story writers received awards at the Freda Corea Awards 2024 held on 4th April 2025 at the Jasmine Hall, BMICH. Ms. Wanda Kotalawala graced the occasion as the Chief Guest. Ms. Sriyani Hulugalle, was the Guest of Honour.
Winners from each province whose stories reached the standard set by the Gamani Corea Foundation, received trophies and attractive cash awards for their efforts to uplift themselves and their communities through empowerment. The winners from three categories (Family Emancipation, Entrepreneurship, and Outstanding Achievement), were judged on a marks-based evaluation scheme by an evaluation committee appointed by GCF.
The first Freda Corea Awards project was initiated by the Gamani Corea Foundation in 2023 in memory of Mrs. Freda Corea the mother of Dr. Gamani Corea. Its theme is Women’s Empowerment. It aimed to recognize and reward inspirational women who have effectively defeated poverty by overcoming problems, obstacles, and challenges and uplifted their family status by empowering themselves through determination and creativity. Writers were tasked with identifying middle, and low income-earning women whose perseverance and achievements in overcoming socio-economic barriers could inspire others to follow suit.
Phase II of the FCA competition concluded on the same lines as Phase I where inspirational women with a success story to share and their story writers were recognized and rewarded. The awards highlighted for the second successive year, the contributions of Sri Lankan women towards family empowerment and national development, Today, it is crucial for every citizen to help Sri Lanka recover from the economic crisis she is currently facing. Within this context, the role of women in this endeavour is vital. However, currently, only 33% of women contribute to the workforce and there is an increase in women-headed households. Due to time constraints and other factors, their latent talents that can contribute to the country’s development effort are severely underutilized.
The Freda Corea Awards competition, which was conducted as a media-based research project, revealed several new avenues and opportunities for empowering rural women and preparing them to make a more meaningful and productive contribution to the country’s future economic development.
Research findings collected by writers while writing the stories will be analyzed and based on the findings a report will be prepared which will be of immense value to policy makers in their future policy formulation on women’s empowerment.
தமிழ்
නෝනාවරුණි, මහත්වරුණි, සම්භාවනී
සුබ සන්ධ්‍යාවක්,
ගාමණී කොරෙයා පදනමේ සභාපති ආචාර්ය හර්ෂ අතුරුපාන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අවසරයි ,
රාජ්‍යතන්ත්‍රික නියෝජිතවරුන්ගෙන් අවසරයි ,
විවිධ පළාත් නියෝජනය කරමින් මේ සම්මාන උලෙළට එක්වන සම්මානලාභීන්ගෙන් අවසරයි,
නෝනාවරුණි, මහත්වරුණි, සම්භාවනී
අද අප සියලු දෙනාටම ඉතාම වැදගත් වූ දිනයක්. අප මේ රැස්ව සිටින්නේ ෆ්‍රීඩා කොරෙයා සම්මාන 2024 උත්සවය සඳහායි. මෙම සම්මාන උලෙළේ ආරාධිත දේශනය කීරීමට මට කළ ආරාධනය ගැන , මම සංවිධායක මණ්ඩලයට ස්තූතිය පුද කරනවා.
මා ගැන නොදන්නා අයට, මා ගැන යමක් කියනවා නම්, මගේ පිය සහ මව් පාර්ශ්වයේ සියලු කාන්තාවන් ඉතා ශක්තිමත්, සවිබල ගැන් වූ අධිෂ්ඨානශීලී අයයි. අද මම, ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ, ශ්‍රී ලාංකික ජන සමාජය විවිධාකාරයෙන් හැඩ ගැස්වා, එය වෙනස් කළ දිරිය කාන්තාවන්ගේ පෞඩ පරම්පරාවක නියෝජිතයෙක් වශයෙන්.
නෝනාවරුණි, මහත්වරුණි, සම්භාවනී
අද අප රැස්ව සිටින්නේ , සියලු ආකාරයෙන් ශක්තිය හා අධිෂ්ඨානශීලීත්වය විදහා දැක්වූ කාන්තාවක් වන ෆ්‍රීඩා කොතලාවල හෙවත් ෆ්‍රීඩා කොරෙයා මැතිණියගේ උරුමය සඳහා ගෞරවය දැක්වීමටයි. ෆ්‍රීඩා කොරෙයා මැතිණිය , මගේ පියාගේ සීයා වන ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ එකම නැඟණියයි. ඇය පැවත එන්නේ අපේ ජාතියේ සංවර්ධනයට කිර්තිමත් දායකත්වයක් ලබා දුන් පවුලකින්.
තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි
මේ කියමන , ෆ්‍රීඩා කොරෙයාගේ චරිතයට මැනවින් ගැළපෙනවා. ෆ්‍රීඩාගේ ධෛර්යවන්තකම, දයානුකම්පාව හා නොපසුබට උත්සාහය පරම්පරා ගණනාවකට දිරිගැන්වීමක් වුණා. ඇගේ පුත්‍රයා වන ආචාර්ය ගාමණී කොරෙයා අපේ රටට කිර්තියක්
ගෙන දුන් රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔහු එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සංවිධානයේ (UNCTAD) මහලේකම්වරයා ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උප මහලේකම්වරයා ලෙසත්, ලෝකයේ රටවල් ගණනාවක ශ්‍රී ලංකාව නියෝජනය කළ තානාපතිවරයකු ලෙසත්, සේවය කළ ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතෙක්. ආචාර්ය
ගාමණී කොරෙයා, ෆ්‍රීඩාගේ එකම දරුවායි. ඇය තනි මවක් වශයෙන් ගාමණී හදාවඩා ගත් අතර, ඔහුට අපේ සාරධර්ම සහ නිහතමානීකම ඇය විසින් මැනවින් කියා දුන්නා.
ෆ්‍රීඩා තනි මවක් හැටියට ඇයට , ඇගේම ශෛලියක් තිබුණා. ඇය හදාවඩා ගත්තේ තම පුතා පමණක් නොව, ඇගේ වැඩිමහල් සොහොයුරා වන ශ්‍රීමත් ජෝන් කොතලාවගේ එකම දියණිය වන, මගේ මිත්තණිය වූ ලක්ෂ්මිණි කොතලාවලත් දැඩි සැලකිල්ලෙන් , දයාවෙන් හා කරුණාවෙන් ඇති දැඩි කළා.
නෝනාවරුණි, මහත්වරුණි, සම්භාවනී
ෆ්‍රීඩාගේ මිත්තණිය වන පෙට්‍රොනෙලා ආටිගල ගැන කතා නොකර ෆ්‍රීඩාගේ කතාව අපට කිව නොහැකියි. මෙතැන අසුන්ගෙන සිටින බොහෝ දෙනෙක් නොදන්නවා ඇති, පෙට්‍රොනෙලා ආටිගලගේ සැමියා , ෆ්‍රීඩාගේ සීයා වන D. C . G. ආටිගල මහ මුදලිතුමාගේ , ධනය හා දේපොළ එවකට ලංකාවේ නිදහස් ව්‍යාපාර හා සම්බන්ධ විවිධ කර්තව්‍යයන්ට සැලකිය යුතු රුකුලක් ලබා දුන් බව. D. C. G. ආටිගල මහා මුදලි තුමාගේ මරණයෙන් පසුව , 1907 දී ආටිගල මහත්මිය කොළඹ හෝටන් පෙදෙසේ නිවෙසක් සහිත ඉඩමක් මිලදී ගත්තා. අද ගාමණී කොරෙයා පදනම පිහිටා තියෙන්නේ එම භුමියේ. හෝටන් ලොජ් නැමැති මෙම නිවෙස එෆ් .ආර්. සේනානායක , ඩී.එස්.සේනානායක, ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක , ඩී. බී. ජයතිලක, ජේ.ආර්.ජයවර්ධන වැනි නිදහස් අරගලයේ ක්‍රියාකාරී නායකයන් රැසක් එකතු වී කටයුතු කළ ස්ථානයක්.
අපේ ජාතිය හැඩ ගැස්වීමට අප්‍රමාණ වූ තීන්දු තීරණ හෝටන් ලොජ් නිවෙස තුළ ගන්නා විට, ඇලිස් කොතලාවල සහ ඇගේ දියණිය වන ෆ්‍රීඩා අනුපමේය කාර්යයක් ඉටු කළා. මේ කාන්තාවන් බොහෝ විට සමාජයේ ප්‍රසිද්ධ නොවූවත්, ශ්‍රී ලංකාවට නිදහස අත්කර ගැනීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළා. පෙට්‍රොනෙලා , ඇලිස් සහ ෆ්‍රීඩා වැනි කාන්තාවන් ගොඩනැඟුවේ ඔවුන්ගේ පවුල් පමණක් නොවේ . ඔවුන් මුළු මහත් ජාතියක්ම හැඩගැස්වීමට සමත් වූවා.
නෝනාවරුණි, මහත්වරුණි, සම්භාවනී
අද අප සමඟ රැස් වී සිටින්නේ, එම කාන්තාවන් තිදෙනාගේ පෞරුෂත්වය, විශිෂ්ටත්වය සහ උත්සාහය කැටි කර ගත් ඒ හා සමාන විශිෂ්ටත්වයක් හිමි කාන්තා සම්මානලාභීන් පිරිසක් අගය කිරීමටයි.
බොහෝ විට පවුලේ සහයෝගයක් හෝ වෙනත් ආර්ථික පසුබිමක් නොමැතිව අතිශය දුෂ්කර තත්ත්වයන් අභිබවා ගිය කාන්තාවන් ෆ්‍රීඩා කොරෙයා සම්මාන උලෙළ සංවිධානය කිරීමේ කටයුත්තේ දී මට මුණ ගැසුණා. ඔවුන් අභියෝග ජයගෙන නැඟී සිටිනා වූ ක්‍රියාවලිය තුළින් සමස්ත ප්‍රජාවම නඟා සිටුවීමට සමත්ව ඇත.
උදාහරණයක් වශයෙන්, සුනීතා ගත්තොත් මට ඇය මුණගැසුණේ දෙහිඅත්තකණ්ඩියේදී. පෝලියෝ රෝගය නිසා ඇති වූ ශාරීරික දුබලතාවයන් මැඬගෙන තම ජිවිතය සාර්ථක කර ගැනීමට ඇය සමත් වී තිබෙනවා. එපමණක් නොව ඇය සමාජ උපදේශිකාවක් වශයෙන් සමාජයට ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරයි. ඇය ස්ථීර වශයෙන්ම මානව ජීවගුණයට පරිපුර්ණ වූ ආදර්ශයක්.
ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන සමාධි , බර ඉසිලීමට දක්ෂ ක්‍රීඩිකාවක්. ඇයගේ ශක්තිය බර ඉසිලීමේ ක්‍රීඩාවට පමණක් නොව, ඇය මුළු පවුලම ඔසවාගෙන සිටින්නියක් වෙයි. මෙම තරුණ කාන්තාව අපට සිහිපත් කර දෙන්නේ, වයස හෝ තරාතිරම නොව අධිෂ්ඨානශීලීත්වය හා ධෛර්යය සම්පන්න බව ඕනෑම බාධකයක් බිඳ දැමීමට සමත් වන බවයි.
උතුරු පළාතේ, මුලතිව් ප්‍රදේශයේදී මට හමුවූ නිතුෂා ඉතාමත් නිර්භීත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘අපිට, අපිම උදව් කරගත හැකියි’ යන්නයි. නිතුෂාගේ මෙම ප්‍රකාශය අද රැස්ව සිටින සියලුම සම්මානලාභී කාන්තාවකගේම ආත්මීය සාරාංශයයි. ඇය නිර්වචනය කරන්නේ , ඔබ සියල්ලන්ගේම දැඩි ස්වාධීනත්වය හා ආත්ම විශ්වාසයයි. ඔබලා , සහායක් ලැබෙන තුරු බලා නොසිට අසීරුකම් තිබියදීත් මැසිවිලි නොනඟා , නිදහසට කාරණා නොකියා , ස්වාධීනත්වය හා ආත්ම විශ්වාසය පෙරටු කොටගෙන සිය ජීවිතය වෙනස් කර ගනිමින්, තමා වටා සිටින අයගේ ජීවිත ද නඟාසිටුවීමට කටයුතු කර ඇත.
අද අප ජීවත්වෙන්නේ තනිවම යමක් ගොඩනඟා ගන්නවාට වඩා රජයෙන් හෝ සුබසාධන ආයතන කටයුත්තක් මඟින් සහාය ලබාදෙන තුරු බලා සිටින සමාජයක. නමුත් සැබෑ ප්‍රගතිය පවතින්නේ ආත්ම විශ්වාසය හා ස්වාධීනත්වය මත බව මේ කාන්තාවන් අපිට පෙන්වා දී තියෙනවා. ඔවුන් ව්‍යවසායකයන්, ප්‍රජා නායකයන්, උපදේශකයන් හා ඒ සියල්ලටම වඩා ආදර්ශමත් පුරවැසියන් වී තිබෙනවා. ශ්‍රේෂ්ඨත්වයට ළඟා වීමට බාහිර උපකාර අනවශ්‍ය බව මේ සම්මානලාභීන් අපට ඔප්පු කර දී තියෙනවා. අවශ්‍ය වෙන්නේ, අධිෂ්ඨානය හා මහන්සි වී වැඩ කිරීමට ඇති උනන්දුව පමණයි.
නෝනාවරුණි, මහත්වරුණි, සම්භාවනී
අද අපි මේ අවස්ථාවේ කාන්තා ව්‍යවසායිකාවන්ගේ, ධෛර්යවන්තකම, අධිෂ්ඨානශීලීත්වය හා නවෝත්පාදන ඇගයීමට ලක් කරනවා. ඔවුන් දුෂ්කරතා මැඬගෙන ඉදිරියට පැමිණි තිබේන අතර, සියලු බාධකවලට එරෙහිව නැඟී සිටි අයයි. සාර්ථකත්වය කියන්නේ අංග සම්පූර්ණ අවස්ථා එනතුරු බලා සිටීම නොව, තමන් තුළම ඇති ශක්තිය පාවිච්චි කොට ඉදිරියට යෑම බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.
අද අප ගෞරවය පුද කරන අධිෂ්ඨානශීලී කාන්තාවනි,
ඔබට ස්තූතියි,
ඔබේ දිරිගැන්වීම්වලට ස්තූතියි,
ඔබේ නොපසුබට උත්සාහයට ස්තුතියි,
ඔබ ගැන ඔබ තුළම ඇති නොසැලෙන විශ්වාසයට ස්තූතියි,
ඔබ අපේ මුළු ජාතියේම බලාපොරොත්තුවේ ආලෝකයයි. තමන්ගේ ඉරණම තමන් විසින් ම පාලනය කර ගන්නවා නම්, කිසිවකුට බාධා කළ නොහැකි බවට ඔබ ජීවමාන සාක්ෂියක් දරයි.
‘ තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි ” යන කියමන ගැන අප මොහොතක් කල්පනා කර බලමු. කාන්තාවන් හැටියට අප, අනාගත පරම්පරාවන්, හැඩ ගැස්වීමේ අත්‍යවශ්‍ය භූමිකාවක නිරත වෙනවා. එය තම පවුලට මඟපෙන්වීමක් තුළින් හෝ වේවා, තම ප්‍රජාවට නායකත්වය ලබාදීමෙන් හෝ වේවා, ඊළඟ පරම්පරාවන්ට මාර්ගය සකස් කිරීමෙන් හෝ වේවා, අනාගතය සවිබල ගැන්වීමේ බලය අප කාන්තාවන් සතුයි. අද අප මේ සිටින්නේ අප රටට සහ ලෝකයේ අනාගතයට ආලෝකයක් වන සවිබලයෙන් ශක්තිමත් වූ කාන්තාවන් බොහෝමයක් ඉදිරියේ.
අමෙරිකානු ජාතික, නිලි ටාවි ගැවින්සන් වරක් මෙසේ පැවසුවා.
“I do not know what the future holds, but I do know this: I am going to be empowered, not just for me, but for all women everywhere"
මෙහි සිංහල තේරුම වන්නේ,
(අනාගතය කුමක් වේදැයි මම දන්නේ නැහැ. මගේ මේ සවිබල ගැන්වීම මාහට පමණක් නොව සැම තැනම ඉන්නා මුළු සමස්ත කාන්තාවන් සඳහා වේ.)
කාන්තාවනි ,
ඔබ අපේ සමාජයේ කොඳු නාරටියයි. අද අපි ඔබේ ශක්තිය, හැකියාව හා දීප්තිය සමරනවා. ඔබ සියලු දෙනාට ම ප්‍රබෝධ ජනක අනාගතයක් උදාවේවා කියා මා ප්‍රර්ථනා කරන අතර, ඔබේ ජයග්‍රහණයට හා සම්මානයට මා එක සිතින් සුබ පතනවා.
තව නොබෝ දිනකින් එළබෙන්නා වු සිංහල – හින්දු අලුත් අවුරුද්ද ශක්තිමත්ව හා ප්‍රීතියෙන් සැමරීමට ඔබ සැමට හැකි වේවායි සුබ පතමින් මගේ කාතාව අවසන් කරනවා.
ඔබ සැමට ස්තූතියි.
වොන්ඩා කොතලාවල
The Freda Corea Awards 2024, held for the second successive year, on April 4th, 2025, at Jasmine Hall BMICH, was a significant event that highlighted the contributions of Sri Lankan women towards family empowerment and national development. Organized by the Gamani Corea Foundation (GCF), the awards celebrated women from low and middle-income backgrounds who have overcome challenges to uplift their families and contribute to the economic growth of Sri Lanka. The competition focused on story writers who showcased the success stories of these women entrepreneurs. Writers were tasked with identifying individuals whose perseverance and achievements in overcoming socio-economic barriers could inspire others. The awards were inclusive, accepting entries in English, Sinhala, and Tamil, ensuring equal opportunity for all Sri Lankan citizens, regardless of age or other factors. In 2024, the competition recognized 18 remarkable women from 3 categories (Entrepreneurship, Family Emancipation & Outstanding Achievements) whose stories were brought to the public’s attention by writers from across the island. The event was graced by Ms. Wanda Kotalawala, the Chief Guest, and Ms. Sriyani Hulugalle, the Guest of Honour, making it an even more prestigious occasion.
Beyond the Crisis: Reforming Macroeconomic Policies in Sri Lanka
A symposium, “Beyond the Crisis: Reforming Macroeconomic Policies in Sri Lanka”, organized by the Department of Social Studies, Open University of Sri Lanka, in collaboration with the Gamani Corea Foundation, was held on April 11th at the Open University.
The event brought together scholars, policy experts, and thought leaders to critically evaluate the country’s economic trajectory.
Professor Sirimevan Colombage, Honorary Board Director of the GCF delivered the keynote address on the multi-dimensional implications of the economic crisis: the depletion of foreign reserves, shortages of essential goods, skyrocketing inflation, declining GDP, the closure of 20% of MSMEs and a doubling of poverty levels between 2019 and 2023.
While emphasizing the need to continue policy reforms, Professor Colombage also stressed on the need for endogenous growth, driven by human capital development, innovation, research and technology, not just capital accumulation or export-led growth.
The lecture was followed by a panel discussion led by Prof. Sirimal Abeyratna, Dr. R.H,S. Samaratunga and Dr. Roshan Perera.
SPOTLIGHT
Sanjeewani, who hails from Ratnapura in the Sabaragamuwa province, is the daughter of a gem merchant. Her comfortable lifestyle as a child was brutally disrupted when luck tuned against her due to the untimely demise of her father while she was still a schoolgirl.
Sanjeevani’s story is a study not only in grit and determination to succeed, but also in her commitment to diligently study the craft she is engaged in, to ascertain the best practices that would yield the most profitable results.
Her story of survival is an inspirational lesson to anyone who believes that bad luck is the end of the road that cannot be overcome.
දෛවයට අභියෝග කරමින්
ලෝක වෙළෙඳ පොළ ජයගත් සංජීවනි
රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට දාව සහෝදරයකු හා සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලේ තෙවැනි දියණිය ඇයයි. රත්නපුර කන්‍යාරාමයේ සිප් සතර හැදෑරූ සංජීවනී වීරරත්නගේ පවුලට කණකොකා හඬන්නේ පියාගේ හදිසි අභාවයත් සමඟය. අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි සංජීවනී පාසල් ජීවිතයට සමුදෙන්නේ සිය පියාගේ මරණයත් සමඟ ඇති වූ ආර්ථික ආගාධයට මුහුණ දීමට තරම් ශක්තියක් සිය පවුලට නොවූ බැවිනි. පාසල් දිවියට සමුදීමෙන් අනතුරුව Gem Cutting පුහුණුව ලබා රැකියාවක නිරත වූ සංජීවනී හදිසියේම කොළඹට පැමිණීම දෛවෝප ගත සිදුවීමක් විය. කොළඹ Sensaal හෝටලයේ ‘හෝටල් සේවිකාවක්’ ලෙස වෘත්තිය අරඹන විට ඇයට වයස අවුරුදු 23කි. ලැබුණු සුළු තනතුරු වුවද ඉතා ආශාවෙන් භාරගත් ඇයට කාර්ය ශූර ලෙස හා නිර්මාණශීලිව පාරිභෝගික අවශ්‍යතා ඉටුකිරීම නිසා, හෝටල් කළමනාකාරිත්වයේ ප්‍රසාදය දිනා ගැනීමට වැඩි කලක් ගත වූයේ නැත. වසර 02ක් වැනි කෙටි කාලයක් තුළ ඇය හෝටලයේ Chef තනතුර දක්වා හිණි පෙත්තටම පය තබන්නේ ඇය තුළ තිබූ උත්සාහය, අධිෂ්ඨානශීලි බව මෙන්ම නිර්මාණශීලි හැකියාව නිසාය. දිනපතා නව ආහාර වර්ගයක් නිර්මාණය කිරීම ඇයගේ විනෝදාංශය වූ බව පැවසූ සංජීවනී, ඇයගේ සාර්ථකත්වයට ඍජුවම බලපෑවේ එම විනෝදාංශය බව සිහිපත් කළාය. වසර – 08ක සිය සේවා කාලය අතරතුර Sensaal හෝටලයෙන්ම තම අනාගත සහකරු තෝරාගත් ඇය 2013 වර්ෂයේ දී ඔහු හා යුග දිවියට එළඹියාය. 2014 වර්ෂයේදී තම දියණියගේ උපතින් පසුව හෝටල් රැකියාවට සමුදීමට ඇයට සිදු වූයේ දියණිය රැකබලා ගැනීමට කිසිවකුගේ සහායක් නොලද බැවිනි. රැකියාවට සමුදීමෙන් අනතුරුව සිය දියණිය සමඟ නිවෙසේ තනි වූ ඇය මුහුණ දුන් ඊළඟ අභියෝගය වූයේ ජීවන බර දරා ගැනීම සඳහා සුදුසු වෘත්තියක් සොයා ගැනීමයි.
එමෙන්ම ඇය අලුයම 02.00ට අවදි වී ඉඳිආප්ප හා බත් පාර්සල් සකසා තලවතුගොඩ කුඩා හෝටලයකට ලබාදීමට ඇණවුමක් ලබා ගත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් ලද වැටුප ජීවිතය ගැටගසා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවිනි. දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැකියාව ප.ව. 02.00ට අවසන් වූ බැවින් සවස්වරුව ඵලදායි ලෙස ගත කිරීම සඳහා ඇයට මං පෑදුණේ Sensaal හෝටලයේ සේවය කළ කාලයේ තැන්පත්ව තිබූ රු. ලක්ෂ 1 1/2 ක් වූ අර්ථසාධක අරමුදල ලබාගත හැකිවීම නිසාය.
ඉන් රුපියල් 10,000 ක මුදලක් වියදම් කර රෙදි මහන මැෂිමක් මිලදී ගත් ඇය මුහුණ දුන් ඊළඟ අභියෝගය වූයේ මැෂිම පරිහරණය කිරීමට නොදැන සිටීමයි.
2016 මැද භාගයේදී දියණිය තදබල ලෙස රෝගාතුර වීම නිසා ඇයට දියණිය සමඟ සති 02ක කාලයක් රෝහල් ගතවීමට සිදුවිය. නැවත නිවෙසට පැමිණි විගස ඇයට ලැබුණු දුරකතන පණිවිඩය වූයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා ඇයගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බවයි. නැවතත් කබලෙන් ළිපට වැටුණු ඇයට යළි ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා මංපෙත් විවර වූයේ දියණියට වූ බාරයක් ඔප්පු කිරීම සඳහා නවගමුව දේවාලයට යෑමට සිදුවීම නිසයි. නවගමුව දේවාලය අසල වෙළෙඳ සලකින් රුපියල් 150ක් වැය කොට දියණියට හිස් වැසුමක් මිලදී ගත් සංජීවනී , එය මුළුමනින්ම ලිහා බැලීමට සිත් විය. ඒ අනුව හිස්වැසුම ලිහා එයට පතරොමක් සැකසූ සංජීවනි සිය සොහොයුරාගෙන් රුපියල් 500 ක මුදලක් ලබාගෙන මහරගම පමුණුවට ගොස් හිස් වැසුම් මැසීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගත්තේ නිවෙසේ ප්‍රයෝජනයට නොගෙන පසෙකින් තබා තිබූ මහන මැෂිමෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහාය. එමෙන්ම Hair Band සැකසීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ද ඇය පිටකොටුවෙන් මිලදී ගැනීමට අමතක නොකළාය. එම අමුද්‍රව්‍ය යොදාගෙන අලංකාර හිස් වැසුම් 10 ක් හා Hair Band 25ක් නිර්මාණය කළ සංජීවනීගේ ඊළග අභියෝගය වූයේ වෙළෙඳ පොළ සකසා ගැනීමයි. පිටකෝටුවේ හා පමුණුවේ වෙළෙඳ සල් රැසකින් ප්‍රතික්ෂේප වූ ඇයගේ නිර්මාණ, පමුණුව සන්ඳුල වෙළෙඳ සල මඟින් මිලදී ගත්තේ ඇයට නව ඇණවුම් සැපයීම සඳහා රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක් ද ලබා දෙමිනි. රුපියල් 100 ක ලාභයක් තබාගෙන විකුණූ හිස්වැසුම් සඳහා නව ඇණවුමක් අත්තිකාරම් මුදලක් සමඟම ලැබීම මහත් ශක්තියක් වූ බව ඇය සිහිපත් කළාය.
මේ අතරතුර ඇයගේ සමීපතම මිතුරියක් වූ ජපන් ජාතික නොෆියසා ඇයගේ ආර්ථික අපහසුතාවයන් හොඳින් වටහාගෙන ජපානයෙන් ආනයනය කළ බෑග් කිහිපයක් ඇය වෙත ලබාදෙමින් මෙවැනි බෑග් නිර්මාණය කර දෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියාය. එම බෑග් ගලවා පතරොමක් සකස් කළ සංජීවනී, ඒ හා සමාන අලංකාර බෑග් ඉතා දක්ෂ ලෙස නිර්මාණය කළාය. නොෆියසා රුපියල්, 40,000 ක මුදලකට එම බෑග් මිලදී ගත්තේ ඇයගේ බොරැල්ල Jalanka Super market ප්‍රදර්ශනාගාරයේ තබා විකිණීමටයි.
එමෙන්ම නොෆියසා ඇයව Bare Foot ප්‍රදර්ශනාගාරය වෙත කැඳවාගෙන ගොස් එහි ප්‍රදර්ශනයට තබා ඇති විවිධ මාදිලියේ බෑග් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නාය.
නොෆියසාගේ සහයෙන් ආරම්භ කළ බෑග් නිර්මාණය කිරීමේ ව්‍යාපාරය ඉතා කෙටි කලකින් සාර්ථකත්වයට පත්කර ගත් සංජීවනී Kandy, Sriyani, Richlook මහනුවර Okray සමූහ ව්‍යාපාරය ආදී ප්‍රදර්ශනාගාරවලටද, බෑග් නිර්මාණය කිරීමට තරම් ව්‍යාපාරය පුළුල්කර ගැනීමට දක්ෂ විය. වසර 8ක පමණ කාලයක් තුළ පියවරෙන් පියවර ඉදිරියට ගිය සංජීවනී දේශීය වෙළෙඳ පොළෙන් දිනකට බෑග් 4000ත්, 5000ත් අතර ඇණවුම් ලබා ගැනීමට තරම් සාර්ථකත්වයට පත්වූවාය. දේශීය වෙළෙඳ පොළට වඩා විදේශීය වෙළෙඳ පොළ ජය ගැනීමට ඉතා අධිෂ්ඨානශීලිව කටයුතු කළ සංජීවනී සෑම නිර්මාණයකින්ම විදේශීය ඇස් තම නිර්මාණ කෙරෙහි ඇද බැඳ තබාගන්නා අයුරින් නිම කිරීමට උත්සාහ කළාය. විදේශිකයන්, ශ්‍රී ලාංකික කලාත්මක හා පාරම්පරික නිර්මාණ කෙරෙහි ආකර්ෂණය කරගත හැකි බව අවබෝධ කරගත් ඇය ‘ආසියානු අලියා’ගේ රුව රැගත් නිර්මාණවලින් සිය බෑග් අලංකාර කිරීමට උත්සාහ කළාය. බෑග් නිර්මාණය කරන අතරතුර බතික් ඇඳුම් හා ලී ආභරණ නිර්මාණය කෙරෙහි ද ඇය අවධානය යොමු කළේ විදේශිකයන් වඩාත් ආකර්ෂණය කර ගැනීම සඳහාය.
ලී බෝල වර්ණවත් කර නිර්මාණය කරන විවිධ ආභරණවලට විදේශිකයන් ඉතා ප්‍රිය කරන බව පැවසූ සංජීවනී, වර්තමානයේ දේශීය පාරිභෝගිකයන් ද ලී ආභරණ පැලඳීමට නැඹුරු වී ඇති බව ද පවසා සිටියාය.
අලුයම 2.00ට අවදි වන ඇය විනෝදාංශයක් ලෙස දිනපතාම නව නිර්මාණයක් අත්හදා බලන බව පවසා සිටියාය. ඇයගේ දියුණුවේ රහස එය බව පවසා සිටින සංජීවනී, ව්‍යාපාරය ආරම්භයේදී අධික ලාභයක් තබා ගැනීම වෙළෙඳ පොළ සකස් කර ගැනීමට බාධාවක් වන බව ද පවසා සිටියාය.
එමෙන්ම ඇය ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු වන විට වුවද පාරිභෝගිකයාට මිලදී ගත හැකි පරිදි මිල නියම කිරීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඍජුවම බලපාන බව වැඩිදුරටත් පවසා සිටියාය. බෑග් මෙන්ම ආභරණ නිර්මාණය කිරීම සඳහා පමුණුව පමණක් නොව, පිටකොටුව, CIB හා ඇතැම් විට පදික වේදිකාවේ සිටින වෙළෙඳුන්ගෙන් පවා අඩු මිලට අමුද්‍රව්‍ය ලබාගත හැකි බව ද ඇය පවසා සිටියාය.
මේ අයුරින් ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ හිණිපෙත්තටම පය තැබූ සංජීවනීගේ අත්කම් නිර්මාණ ව්‍යාපාරයට කණකොකා හඬන්නේ 2021 වර්ෂයේ සිදු වූ පාස්කු ප්‍රහාරය හා ඒ සමඟම පැමිණි කොවිඩ් වසංගතයයි. 2021 වසර ආරම්භ වන විට ඇය දේශීය වෙළෙඳ පොළ පමණක් නොව, විදේශීය වෙළෙඳ පොළ ද ජයගත් කාර්යබහුල ව්‍යවසායිකාවක් වූවාය. 2021 අප්‍රේල් උත්සව සමය ආරම්භ වන විට දේශීය හා විදේශීය ඇණවුම් සැපයීම සඳහා මිලදී ගත් රුපියල් ලක්ෂ 08ක පමණ අමුද්‍රව්‍ය ඇයගේ නිවෙසේ ගොඩගසා තිබුණි. විවිධ මාදිලියේ මහන මැෂින් 18ක් ඇය සතුව තිබුණු අතර, සේවිකාවෝ විසිදෙනෙකු පමණ ඇය යටතේ සේවය කරමින් සිටියහ. කුලී පදනම මත ලබාගත් තම නිවෙසේම කොටසක මැෂින් තබාගෙන ඇය කර්මාන්ත ශාලාව ද නිවෙසේම පවත්වාගෙන ගියාය. එමෙන්ම ව්‍යාපාරය ගොඩනැඟීම සඳහා HNB බැංකුවෙන් රුපියල් ලක්ෂ 05ක ණය මුදලක් ද ඇය ඒ වන විට ලබාගෙන තිබුණි. ඒ අනුව වසංගත සමය ආරම්භ වන විට ඇය මුහුණ දුන් ප්‍රධාන අභියෝගයන් අතර HNB බැංකු ණය වාරිකය වන රුපියල් 12,000ක මුදල මාසිකව ගෙවා දැමීම, මැෂින් නඩත්තු කිරීම, කුලී නිවෙසේ බිල්පත් ගෙවීම, සේවක පඩිනඩි පියවීම මෙන්ම දරුවාගේ වියදම් ද විය. එමෙන්ම වසංගත සමය අතරතුර ඇය දෙවැනි දරුවා ද බිහිකළ අතර, දෙවැනි දරු උපතින් පසු ඇය මාස හයක පමණ කාලයක් දැඩි ලෙස රෝගාතුර විය. මේ සියලුම දුෂ්කරතාවයන්ට හා අභියෝගයන්ට නොසැලී මුහුණ දුන් සංජීවනී මෙම ආර්ථික ආගාධයෙන් ගොඩවීම සඳහා නව මං සෙවීමට උත්සාහ කළාය. වසර දෙකකට ආසන්න කාලයක් වරින්වර රට වසා තැබීම නිසා විදේශීය වෙළෙඳ පොළ ඇණවුම් ලබා ගැනීම ඇනහිටි අතර, දේශීය වෙළෙඳ පොළ ඉල්ලුම ද අවම විය. මේ අතරතුර නිවෙසේ හිමිකරු නැවත කුලී නිවෙස ඉල්ලා සිටීම ද ඇය කබලෙන් ළිපට වැටීමක් විය. ඉන් අධෛර්යමත් නොවූ සංජීවනී වසංගත සමයේ ඉතා ජනප්‍රිය වූ Online ක්‍රමවේදයට අනුගත වෙමින්, අන්තර්ජාලය පරිහරණය කිරීමෙන් ලද දැනුමින් ‘ඉන්දියානු සුළු වෙළෙඳ සම්ප්‍රදාය’ දෙස සිය අවධානය යොමු කළාය. එම සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇය තමන් සතුව තිබුණු මැෂින් 18න් 15ක් තමන් යටතේ සේවය කළ සේවිකාවන්ට ලබාදුන් අතර, ඔවුහු සිය නිවෙස්වල සිට සංජීවනීගේ උපදෙස් හා අනුදැනුම මත ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියහ. එමෙන්ම දරු ප්‍රසූතියෙන් පසුව ඇය දැඩි ලෙස ගිලන්ව සිටිය ද තම සේවිකාවන්ගේ නිවෙස් වෙත ගොස් උපදෙස් ලබා දෙමින් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑමට සමත්වූ බැවින් HNB බැංකුවේ මාසික ණය වාරිකය ද අඛණ්ඩව ගෙවා අවසන් කිරීමට තරම් ඇය කාර්ය ශූර වූවාය. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහයෝගය මත පළාතේ විවිධ ප්‍රදේශවල පැවැත් වූ ප්‍රදර්ශනවලදී වෙළෙඳ කුටි මිලදී ගෙන සිය අත්කම් නිර්මාණ විකිණීමට අවස්ථාව ලැබීම කොවිඩ් වසංගත සමයේ ජීවිතය ගැටගසා ගැනීමට මනා පිටිවහලක් වූ බව ද ඇය සිහිපත් කළාය.
ඇයගේ මෙම ධෛර්ය කොවිඩ් වසංගතය අවසන් වන විට සංජීවනී නැවතත් සිය දියණියගේ පාසල ඉදිරිපිට කාමර 2ක නිවෙසක් කුලී පදනම මත ලබාගෙන එක් කාමරයක් සම්පූර්ණයෙන් සිය ව්‍යාපාර කටයුතු සඳහා සකසා ගත්තාය. විදේශීය වෙළෙඳ පොළ සමඟ ගනුදෙනු කිරීම මුළුමනින්ම ඇනහිට තිබූ බැවින් හා රජයෙන් වරින්වර සිදු කළ සීමා කිරීම් හා නීතිවලට අනුගතව ඇය අන්තර්ජාලය ඔස්සේ තවදුරටත් ව්‍යාපාරය ගොඩනැඟීමට උත්සාහ කළාය. ඒ අනුව ‘Hansi Bags’ යනුවෙන් Face book ගිණුමක් හා වෙබ් පිටුවක් ඇරඹූ ඇය ඒ ඔස්සේ ඇණවුම් ලබාගෙන ව්‍යාපාරය පවත්වාගෙන ගියාය. බාධක හා දුෂ්කරතා මැද නැවත ව්‍යාපාරය ආරම්භ කරන විට ඇය කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවකි. බහුතරයක් කාන්තාවන් දරුවන් රැකබලා ගැනීම සමඟ රැකියාවේ නිරතවීම විශාල අභියෝගයක් ලෙස සැලකුව ද ඇය පවුල් ජීවිතය හා ව්‍යාපාරය සමබරව පවත්වාගෙන ගිය බවත්, දරුවන් ඊට බාධාවක් කර නොගත් බවත් සඳහන් කළේ මහත් අභිමානයෙනි.
ශක්ති සම්පන්නව නැඟී සිටීමට පසුකාලීනව ගෞරවය පුදකළ HNB බැංකුව කොවිඩ් වසංගත සමයේ ‘ධෛර්යයෙන් නැඟී සිටි දිරිය කතුන්ට ලබාදෙන ගෞරවනීය සම්මානය’ සමඟ රුපියල් ලක්ෂ 2 ½ ක ත්‍යාගයක් ද ඇයට ලබා දුන්හ. එමෙන්ම කොවිඩ් වසංගතයෙන් ව්‍යාපාර කඩාවැටී අසරණව සිටි සුළු පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ට නැවත ලබාදුන් රුපියල් ලක්ෂ 5ක ණය මුදල ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කළ රූපවාහිනී වෙළෙඳ දැන්වීමට සංජීවනී හා ඇයගේ ව්‍යාපාරය සම්බන්ධ කර ගැනීමට HNB බැංකුව කටයුත කිරීම ඇයට ලබාදුන් තවත් ත්‍යාගයකි.
දරුවන් අවදි වීමට පෙර අලුයම සිය නිර්මාණ කටයුතු අරඹන ඇය දරුවන් නිදි පැදුරට ගිය පසුව ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැකසීම හා ඉදිරි නිෂ්පාදන පිළිබඳව රාත්‍රී 11- 12 පමණ වන තෙක් සැලසුම් කළේ, සෑම විටම ‘කාලය රන් හා සමාන’ ලෙස සැලකූ බැවිනි. කාලය කළමනාකරණය කිරීම හා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ඇයගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට මඟපැදූ තවත් රහසකි. විවිධ අත්කම් නිර්මාණ අත්හදා බැලීම සංජීවනීගේ විනෝදාංශයකි. දේශීය හා විදේශීය වෙළෙඳ පොළ ඉල්ලුම කාලීනව වෙනස් වන හා අලුත් වන බැවින්, ඇතැම් පැරණි නිර්මාණවල වෙළෙඳ පොළ අගය අඩු වුව ද නව නිර්මාණ වෙළෙඳ පොළට නිකුත් කිරීම තුළින් ආදායම් මාර්ගය සමබරව පවත්වා ගත හැකි බව ඇයගේ විශ්වාසයයි. සෑම විටම අලුත් වන පාරිභෝගික අවශ්‍යතා සැපිරීමට හා ඔවුන් තෘප්තිමත් කිරීමට නිර්මාණකරුවන් සැදීපැහැදී සිටිය යුතු බව ද ඇය පවසා සිටියාය. විශේෂයෙන් විදේශිකයින් විවිධ වර්ණ සංකලනයන්ට ප්‍රිය කරන බැවින් ඔවුන් ආකර්ෂණය වන ලෙස නිර්මාණ සිදු කිරීම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය. අනර්ඝ තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතය, වෙළෙඳ භාණ්ඩවල කල් පැවැත්ම සඳහා ඉතා වැදගත් බව පවසන සංජීවනී, අලංකාරය මෙන්ම කල්පැවැත්ම ද වෙළෙඳ භාණ්ඩවල ඉල්ලුම වැඩිවීම කෙරෙහි බලපාන බව පවසා සිටියාය. සෑම විටම පවතින වෙළෙඳ පොළ තත්ත්වය, පාරිභෝගික සිතුම් පැතුම් හා ඔවුන්ගේ රුවි අරුචිකම් පිළිබඳව අවධානයෙන් සිටින ඇය නිරන්තරයෙන් උත්සාහ දරන්නේ දෛනික පාරිභෝගික අවශ්‍යතා සපුරා වෙළෙඳ පොළ ජය ගැනීමටය. ඒ අනුව ඇය පවසා සිටින්නේ විශේෂයෙන් වත්මන් රැකියාවේ නියුතු කතුන් මෙන්ම විදේශික කතුන් පවා සාරියට හෝ සිය කාර්යාල ඇඳුමට ගැළපෙන ලෙස අත්බෑගය පමණක් නොව, ආභරණ හා පාවහන් පැලඳීමටද ඉතාමත් ප්‍රිය කරන බවයි.
‘මම කපන රෙදි කෑල්ලක්වත් අපතේ දාන්නේ නෑ’ යනුවෙන් පවසන සංජීවනී එම ඉතිරි රෙදි කැබැලි බෑග්වල අලියා සහ Bow නිර්මාණය කිරීම සඳහා වර්ණ සංකලනයට යොදාගනී. ඇතැම් පුද්ගලයන්ට එම ඉතිරි රෙදි කැබැලි කුණු ලෙස පෙනුණ ද ඇය පවසා සිටියේ “ඇත්තටම මට ඒවා කුණු නොවෙයි. ඒවා මට අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඒ පුංචි රෙදි කෑල්ලෙන් වුණත් මට ලොකු ලාභයක් ගන්න පුළුවන් ” යනුවෙනි. එමෙන්ම ඇය නිවෙසේ පරිහරණය කළ ඇඳුම් හා රෙදිවලින් ද බෑග් නිර්මාණය කිරීමට පෙලඹී ඇත. කෙටි කාලයක් පමණක් පරිහරණය කළ ඇතැම් රෙදි වර්ගවල නැවුම් ගතිය එලෙසම පවතින බැවින් වෙනත් නිර්මාණ සඳහා එම රෙදි යොදාගත හැකි බව ඇගේ මතයයි.
වෙළෙඳ භාණ්ඩවල තත්ත්වය (Quality) ව්‍යාපාරයේ පැවැත්ම සඳහා බෙහෙවින් බලපාන බවත්, කල්පවතින උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යවලින් භණ්ඩවල පිටත මෙන්ම ඇතුළත නිර්මාණය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවත්, ඒවායින් පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය. ස්වභාවදහමට දැඩි ආදරයක් දක්වන සංජීවනි පන් හා පොල්කටුවලින් සිය බෑග්වල handle නිර්මාණය කිරීමට ඉතාමත් ප්‍රිය කරයි. එවැනි පරිසර හිතකාමී නිර්මාණ සඳහා විදේශිකයන්ගේ දැඩි ආකර්ෂණයක් පවතින බව පැවසූ සංජීවනී ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ එවැනි අදහස් ඉතා දුර්වල මට්ටමක පවතින බව ද පවසා සිටියාය. ජපානය, මාලදිවයින වැනි රටවලින් පරිසර හිතකාමී නිර්මාණය සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවත්, ඇතැම් පරිසරයට අහිතකර නිර්මාණ ගුවන් තොටුපොළේදීම ප්‍රතික්ෂේප වන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
කොවිඩ් වසංගත සමයේ ඇනහිටි විදේශීය වෙළෙඳ පොළට ඇණවුම් ලබාදීම 2022 වර්ෂයේ සිට යළි සාර්ථක කර ගත් බව පැවසූ සංජීවනී, ජපානයේ සෑම වසන්ත කාලයකදීම රුපියල් ලක්ෂ 4 1/2ක් පමණ වටිනාකමකින් යුත් බෑග් අපනයන කරන බව පැවසීය. එමෙන්ම ඇයගේ ‘Hansi Bags’ Web පිටුව නැරඹූ මාලදිවයිනේ ව්‍යාපාරිකයකු ඇයගෙන් වසරකට ලක්ෂ 1 1/2ක පමණ වටිනා බෑග් මිලදී ගන්නා බව ද පවසා සිටියාය. ඒ අනුව ඇය අද වන විට නැවතත් Kandy, Sriyani, Richlook, Okray වැනි දේශීය ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාර වෙත පමණක් නොව, ජපානය, මාලදිවයින වැනි විදේශික රටවලට ද ඇණවුම් සපයන කාර්ය බහුල ව්‍යවසායිකාවකි. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන දිරිය කාන්තාවකි. එමෙන්ම ග්‍රාමීය දරිද්‍රතාවයෙන් පෙළෙන කතුන්ට රැකියා සපයන ව්‍යාපාර හිමිකාරිනියකි. එපමණක් ද නොව, ජාතික රූපවාහිනිය, සියත TV ,හරිත TV , ජයමඟ TV , Supreme TV, TNL TV වැනි ජනප්‍රිය රූපවාහිනී නාළිකා හරහා ප්‍රේක්ෂකයන්ට අත්කම් නිර්මාණ පිළිබඳව ගුරුහරුකම් ලබාදෙන ජනප්‍රිය අත්කම් නිර්මාණ ශිල්පිනියකි. එමෙන්ම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ පවත්වාගෙන යන ස්වයංරැකියා පාඨමාලා හදාරන සිසුන්ට ගුරුහරුකම් ලබාදෙන රජයේ ලියාපදිංචි අත්කම් නිර්මාණ උපදේශිකාවකි.
Hand Loom රෙදිවලින් බෑග් මැසීමේ ව්‍යාපාරය ආරම්භ කළ සංජීවනී , අද වන විට වෙළෙඳ පොළේ ජනප්‍රියව පවතින Original Leather yd Resign බෑග් නිර්මාණය කෙරෙහි ද සිය අවධානය යොමු කර ඇත.
ඇයට එම බෑග් පාඨමාලාවන් සාර්ථකව හැදෑරීම සඳහා රජයට අනුබද්ධිත SITA ආයතනය මඟින් 50%ක් රජයෙන් මුදල් ගෙවීමේ ශිෂ්‍යත්වයක් ඇයට පිරිනමා ඇත්තේ ද ඇයගේ මෙම සුවිශේෂ ධෛර්යයට ලබාදෙන ත්‍යාගයක් වශයෙනි.
සාර්ථකත්වය කරා යන ධෛර්ය සම්පන්න ගමන යළි සිහිපත් කළ සංජීවනී “මට ගුරුවරයෙක් හිටියේ නෑ. මම හැමදේම ඉගෙන ගත්තේ තනියමයි. මගේ සහජ දැනුම තමයි මම හැමදේටම යොදා ගත්තේ. හැබැයි මම තමාත් ඉගෙන ගන්නවා .අනිත් අයටත් උගන්වනවා” යනුවෙන් පවසා සිය කතාව අවසන් කළේ මහත් අභිමානයෙනි.
සංජීවනීගේ අත්කම් ව්‍යාපාරය හා එහි ප්‍රගතිය පිළිබඳව ඇයගේ ප්‍රදේශයේ ඇය යටතේ සේවය කරන සේවිකාවන් කිහිපදෙනෙකුගෙන් කළ තොරතුරු විමසා බැලීමේදී ඔවුන් පවසා සිටියේ ද සංජීවනී කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා උපායශීලි, කාර්යශූර ව්‍යවසායිකාවක් බවයි. ඇය යටතේ සේවය කිරීමේදී ඇය ලබා දෙන ගුරුහරුකම් තම ව්‍යාපාරය පමණක් නොව, ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීමට පවා ඉවහල් වන බව ඔවුන් පවසා සිටියේ ප්‍රශංසා මුඛයෙනි. කපා ඉවත් කරන කුඩා රෙදි කැබල්ලකින් වුවද උපරිම ප්‍රයෝජනය ගැනීමට උත්සාහ දරන ඇය ඉතා ආදර්ශවත් කාන්තාවක් බව ඔවුන්ගේ මතයයි. ඇයට ප්‍රසාද දීමනා පිරිනැමූ හෝමාගම HNB බැංකුවේ ණය අංශයේ කළමනාකරුද ප්‍රකාශ කර සිටියේ සංජීවනී කිසිම බාධකයක් හෝ දුෂ්කරතාවයක් ඉදිරියේ කායිකව හෝ මානසිකව කඩා නොවැටෙන දිරිය කාන්තාවක් බැවින් ඇය මෙම ත්‍යාගය සඳහා සුදුසුම ව්‍යවසායිකාව ලෙස තෝරාගත් බවයි.
ප්‍රසංගිකා පතිරණ
මධ්‍යම පළාත
(මෙම ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්දයෙන් සම්පූර්ණ වගකීම රචකයා සතුවන අතර, ඊට ගමණී කොරෙයා පදනම වගකියනු නොලැබේ.)