
Appointments of Chairpersons Emeritus
The GCF is pleased to announce the appointments of Dr. Lloyd Fernando, Dr. Godfrey Gunatilake and Dr. Nimal Sanderatne, as Chairpersons Emeritus.
Deshamanya Dr. Godfrey Gunatilleke graduated in English (1st Class Hons) from the University of Ceylon in 1948. He entered the Ceylon Civil Service and served in senior positions in the Ministries of Lands Industry and Planning, prior to retiring in 1972 to establish the Marga Institute. He was consultant to the ILO UNCTAD, UNU, WHO and member of the Board of Trustees of the International Food Policy Research Institute. He is the recipient of several International and national awards including the Eisenhower Fellowship USA; the Health for All medal awarded by the WHO; the “Deshamanya” award for distinguished public service and D.Litt conferred by the University of Colombo in 1996.
Dr. Nimal Sanderatne holds a B.Sc.(Econ) Degree from the University of London, M.Sc. Degree from the University of Saskatchewan, M.A. and Ph.D. Degrees from the University of Wisconsin.
Among the positions he has held are those of Director of Statistics, Director of Economic Research and Adviser Research and Training at the Central Bank of Sri Lanka, Chairman Bank of Ceylon; Chairman of the National Development Bank and; Chairman of the Merchant Bank of Sri Lanka, He has also been the Chairman and Director of Property Development Ltd (PDL), Chairman and Director of the Merchant Bank of Sri Lanka (MBSL), Chairman and Director of NDBS Securities (Pvt) Ltd, Chairman and Director of Lanka Securities (Pvt) Ltd, Chairman and Director of Citi National Investment Bank, Director of Union Assurance Ltd. (UAL), Director of Lanka Orix Leasing Company (LOLC).
He was the founder Chairman of the Centre for Poverty Analysis (CEPA); Senior Fellow of the Institute of Policy Studies (IPS) and Visiting Senior Fellow of the Post Graduate Institute of Agriculture (PGIA) of the University of Peradeniya where he continues to teach.
Dr. Lloyd Fernando was appointed a founding member of the Board of Directors of the Gamani Corea Foundation by the late Dr. Gamani Corea in 2002.
Dr Fernando had his university education in Moscow (MSc –Friendship University, 1966) and Sussex (D.Phil, University of Sussex, 1979). He joined the Ministry of Planning and Economic Affairs, as a Research Officer in 1967 and retired prematurely in 1993, as State Secretary, of the Ministry of Policy Planning and Implementation and Director General, of National Planning (posts held concurrently) and proceeded to Manila, the Philippines to take up the position of Alternate Executive Director at the Asian Development Bank. On return to Sri Lanka, he held the position of Chairman of Marga Institute (the premiere socio-economic research institute in Sri Lanka) for a period of five years. He was the founder and interim director of the Institute of Policy Studies when it came under the purview of the Ministry of Finance and Planning.
The Gamani Corea Foundation Passes Another Milestone in Women’s Empowerment
The second phase of the FCA (Freda Corea Awards), a truly people-oriented project undertaken by the Gamani Corea Foundation in keeping with Dr. Corea’s vision of uplifting the economic status of the people of Sri Lanka, has reached its penultimate stage.
The FCA team concluded their provincial visits to prospective awardees of the FCA 2024 competition in February 2025. They visited the projects of remarkable women across the country who have uplifted their family status through Entrepreneurship, Outstanding Achievement, and Family Emancipation by their creativity, determination, and commitment.
The resilience and grit of these extraordinary women, mostly from underprivileged socio-economic backgrounds, in the face of obstacles and formidable challenges, are truly worthy of recognition. and marks another milestone in the empowerment of women in Sri Lanka.
We thank everyone who participated in the Freda Corea Awards 2024. The winners and date and time of the Freda Corea Awards ceremony will be announced in due course.
இலங்கை மக்களின் பொருளாதார நிலையை மேம்படுத்துவதனை கருப்பொருளாக கொண்ட காலஞ்சென்ற கலாநிதி காமனி கொரயாவின் தொலைநோக்குப் பார்வைக்கு இணங்க, காமனி கொரயா நிதியத்தால் மேற்கொள்ளப்பட்டுவரும் நேரடி மக்கள்நலன் சார்ந்த திட்டமான ஃபிரீடா கொரயா விருதுகள் (FCA) செயற்திட்டமானது அதன் இரண்டாம் கட்டத்தின் இறுதி தருவாயினை எட்டியுள்ளது.
2024 ஃபிரீடா கொரயா விருதுகள் போட்டிக்காக பெறப்பட்ட விண்ணப்பங்களின் அடிப்படையில் மாகாண அளவில் தெரிவுசெய்யப்பட்ட விண்ணப்பதாரிகளின் விண்ணப்பங்களை மதிப்பீடு செய்யும் செயன்முறையானது கடந்த 2025 பெப்ரவரி மாதம் நிறைவுற்றது. அதனடிப்படையில் தங்களது படைப்பாற்றல், உறுதிப்பாடு மற்றும் அர்ப்பணிப்பு மூலமாக தொழில்முனைவு, முதன்மையான சாதனை மற்றும் குடும்ப ஈடேற்றம் ஆகிய பிரிவுகளின்கீழ் தங்கள் குடும்ப நிலையை உயர்த்தியுள்ள நாடு முழுவதிலுமுள்ள தெரிவுசெய்யப்பட்ட மகளிரின் சொந்த வாழ்க்கை கதைகளை குறித்த மகளிர் வசிக்கும் இடங்களுக்கு பயணித்து பார்வையிட்டனர்,
பெரும்பாலும் பின்தங்கிய சமூக-பொருளாதார பின்னணியில் இருந்து வந்த இந்த அசாத்தியமான பெண்களின் ஆற்றல் மற்றும் மனவுறுதி போன்றவற்றினூடாக அவர்களுக்கெதிரான வலிமையான தடைகள் மற்றும் சவால்களை எதிர்கொண்டுள்ளமை உண்மையிலேயே அவர்களை அங்கீகாரபடுத்துவதற்கு தகுதியான செயல்களாகும். இது, இலங்கை மகளிருக்கான வலுவூட்டலில் மற்றுமொரு மைல்கல்லாகும்.
2024 ஃபிரீடா கொரயா விருதுகள் அங்கீகார மேடையில் பங்கேற்ற அனைவருக்கும் எமது நன்றிகளை தெரிவித்துக்கொள்கிறோம். ஃபிரீடா கொரயா விருது வழங்கும் விழாவின் வெற்றியாளர்கள் மற்றும் விழா நடைபெறும் தினம் மற்றும் நேரம் என்பன விரைவில் அறிவிக்கப்படும்.
Spotlight
The story of Sewwandi demonstrates not only the strength of character of a woman confronted with bad luck combined with accompanying stress, depression, and difficulties of survival. Her determination to survive and overcome the challenges of life is truly an inspiration and strength to other women like her.
පහන් තිර අඹරා පවුල රකින සෙව්වන්දි
දරුවන් හතර දෙනෙක් වූ පවුලේ බාලයා වූයේ සෙව්වන්දිය. මේ නිසාම ඇයට හිමිවූයේ ද කාගේත් නොමඳ ආදරයකි. මහනුවර, පිළිමතලාවේ උපන් ඇය සාමාන්‍ය පෙළ විභාගය නිමවීමත් සමඟම පාසල් ගමනට සමු දුන්නාය. මවුපියන් රජයේ රැකියාවල නිරත වූ නිසාම, මේ පවුලේ ආර්ථිකය යම් තරමකින් ශක්තිමත්ව පැවතිණි. දරුවන් හතර දෙනාටම ඉගැන්වීමට මවුපියන් උත්සාහ කළත් උසස් අධ්‍යාපනය තෙක් ඉගෙන ගත්තේ එක් දරුවෙක් පමණි. අනෙක් දරුවන් තිදෙනාම ක්ෂේත්‍ර තුනක් ඔස්සේ තම ආර්ථිකය ශක්තිමත් කැර ගන්නට පියවර ගත්හ. සෙව්වන්දි ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩට යන්නේ ඒ අනුවයි. නිවෙසේ සිටම රැකියා ස්ථානයට ගිය ඇය එයින් ලැබුණු වැටුප මනා කළමනාකරණයක් ඇතිව වියදම් කිරීමට මුල සිටම පියවර ගත්තාය. වැටුපෙන් කොටසක් අනාගතය ගැන සිතා ඉතිරි කළ ඇය,අනෙක් කොටස මවුපියන්ගේ ඕනෑ එපාකම් වෙනු වෙනුන් සහ නිවෙසේ වියහියදම් වෙනු වෙන් යෙදෙව්වාය.
දිනක් මහනුවර නගරයට යෑමට බස් රියට ගොඩවන සෙව්වන්දි දකින එහි සිටින තරුණයකු ඇය කෙරෙහි දැඩි විමසිල්ලෙන් බලා ඇයත් සමඟම බස් රියෙන් බහින්නේ ඇයගේ තොරතුරු විමසන්නටයි. ඒ ලෙස සෙව්වන්දිට කිට්ටු වන මේ තරුණයා තමන් හඳුන්වා දී ඇයගේද තොරතුරු විමසයි. නාඳුනන කෙනෙක් වුවද කිසියම් හුරුපුරුදු බවක් ඒ හඬෙහි වූයෙන් සෙව්වන්දි ද තමන්ගේ තොරතුරු ටිකක් ඔහුට පවසයි. පසුව දෙදෙනා නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් පිටව යයි. එදා සිට සෙව්වන්දි සහ චමින්ද අතර හිතවත්කමක් ගොඩනැඟී, එය ආදර කතාවක් බවට පරිවර්තනය විය. මේ බව සෙව්වන්දි තම මවුපියන්ට පැවැසුවත් චමින්දට ස්ථිර රැකියාවක් නොවූයෙන් ඒ සඳහා කැමැත්ත හිමි නොවිය. මවුපියන් අකමැති වුවත් චමින්දගෙන් වෙන්වීමට අකමැති වූ සෙව්වන්දි අවසානයේ තීරණය කරන්නේ කාටත් නොදන්වා ඔහු සමඟ එක වහලක් යටට වන්නටයි.
රැකියාවට යන ලෙස නිවෙසින් පිටත් වන සෙව්වන්දි චමින්ද සමඟ ඔහුගේ නිවෙසට යයි. චමින්දගේ මවුපියන් ගොවිතැන් කරමින් ජීවිකාව කැර ගෙන ගිය අතර, තම පුතා ගත් මේ තීරණයට එකඟ වී සෙව්වන්දි නිවෙසට ගත්තේ මහත් වූ සෙනෙහසිනි. එදා සිට සෙව්වන්දි සහ චමින්ද මවුපියන් මඟින් මහගෙදර ජීවත් වූහ. චමින්දගේ මවුපියන් හරිහම්බ කරන දෙයින් යැපීමට අකමැති වූ සෙව්වන්දි දිනක් චමින්දට පවසන්නේ තමන්ටම කියා ජීවත්වීමේ මාර්ගයක් සකසා ගත යුතු බවයි. ඒ වන විට චමින්ද කාර්මික පුහුණුවක් ලබා තිබූ නිසා නිවෙස ඉදිරිපිට කුඩාවට ගරාජයක් දමා ගැනීම සුදුසු බව සෙව්වන්දිට වැටහුණි. ඇය ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වැඩ කැර උපයා ගත් මුදලින් කොටසක් ඉතිරිව තිබූ නිසා ඒ මුදල ගෙන ගරාජයේ මූලික වැඩවලට යෙදවීමට පියවර ගත්තාය. චමින්දත් මහත් ඕනෑකමින් ගරාජයේ වැඩ කෙළේය. ඔහුගේ වැඩවල තිබූ පිළිවෙළත්, කාර්යක්ෂම බවත් නිසාම දිනෙන් දින ඔහු සොයා පැමිණි පිරිස ද වැඩි විය. මෙයින් සැලකිය යුතු ආදායමක් ඉපැයීමට චමින්දට හැකි වූයෙන් මේ පවුලේ ආර්ථිකය ශක්තිමත් වන්නට විය.
කාලය එලෙස ගෙවී යද්දී සෙව්වන්දි මවක් වන ලකුණු පහළ වූවාය. පුතකු මෙලොවට දායාද කළ සෙව්වන්දි ඉදිරිය ගැන සිතා චමින්දට ශක්තියක් වන්නට නිවෙසේ සිට ආදායමක් ඉපැයීමට තීරණය කළාය. ඒ අනුව පාන්දර අවදි වන සෙව්වන්දි ඉදිආප්ප සහ පොල් රොටී හදා ගරාජය ළඟම සෝකේස් එකක තබා විකුණුවාය. එයින් එතරම් ආදායමක් නොලැබුණත් ගෙදර වියදම ටිකක් පිරිමසා ගැනීමට එයින් හැකියාව ලැබුණි. පුතුට අවුරුදු තුනක් සපිරෙද්දී තවත් පුතකු මෙලොවට බිහි කළ සෙව්වන්දි දරු දෙදෙනාගේ වැඩත් කරන ගමන්ම තම ආදායම් මාර්ගය ද පවත්වාගෙන ගියාය. දෙවැනි පුතුට වසර දෙකක් සපිරෙද්දී චමින්දටත් සෙව්වන්දිටත් මුහුණදීමට සිදු වූයේ ජීවිතයේ කවදාවත් බලාපොරොත්තු නොවූ ඉරණමකටයි. දුව පැන ඇවිද ගිය දෙවැනි පුතු හිටි හැටියේම අසනීප වූ අතර, ඒ වෙනුවෙන් කොතරම් ප්‍රතිකාර කළද පළක් නොවීය. වෛද්‍ය පරීක්ෂණ අවසානයේ ලැබුණු නිගමනය වූයේ පුංචි පුතු ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පසුවන බවයි. මේ සමඟම සෙව්වන්දිගේ සහ චමින්දගේ ජීවිත කණපිට පෙරලුණි. ඉපැයූ සියලු සේසතම පුතු වෙනුවෙන් වියදම් කළත් පළක් නොවීය. අවසානයේ පුංචි පුතු අවුරුදු හතරක් පිරෙද්දී මෙලොව හැර ගියේය.
පණ මෙන් රැකි තම පුංචි පුතු මෙලොව හැර යෑම දරා ගැනීමට නොහැකි වූ සෙව්වන්දිත් චමින්දත් කාලය ගෙවා දැමුයේ කිසිදු බලාපොරොත්තුවකින් තොරවයි. නමුත් වැඩිමහල් පුතුගේ අනාගතය ගැන සිතූ මේ දෙදෙනා නැවතත් සිත දැඩි කර ගත්තේ කාටත් පොදු ධර්මතාවට අවනත වෙමිනි. මේ වන විට ආර්ථිකය කඩා වැටීමට ලක්ව තිබූ නිසා නැවතත් ආර්ථිකය ශක්තිමත් කැර ගැනීමේ අරමුණෙන් කටයුතු කළද පෙර මෙන් ආදායම් ලැබීමට නොහැකි විය. ගරාජය වසා දැමූ චමින්ද තම මිතුරකුගේ මාර්ගයෙන් කොළඹ ප්‍රදේශයේ ගරාජයක වැඩට එන්නේ සැලකිය යුතු ආදායමක් ලබන්නටයි. සෙව්වන්දි සුපුරුදු පරිදි කෑම හැදූ අතර, එයින් සැලකිය යුතු ආදායමක් උපයාගනිමින් සිය ආර්ථිකය කළමණාකරනය කැරගනු ලැබිණි. සැලකිය යුතු වැටුපකට හිමිකම් කියූ චමින්ද මිතුරන්ගේ ඇසුරත් සමඟ මතට ඇබ්බැහි වූයේ පවුලේ වගකීම් මතක කරමිනි.
ඔය අතරතුර සෙව්වන්දි දියණියක මෙලොවට දායාද කළාය. පුතකු සහ දියණියකගෙන් හැඩ වූ පවුල දෙස බලා සෙව්වන්දි සෑම විටම සිතුවේ මේ දරු දෙදෙනාගේ අනාගතය ගැනයි. චමින්ද පෙර මෙන් පවුලේ නඩත්තුවට මුදල් නොදෙන නිසා සෙව්වන්දි පහන් තිර සෑදීම වෙනුවෙන් පැවැති වැඩමුළු කිහිපයකට සහභාගී වූයේ සමෘද්ධි නිලධාරිනියගේ අනුදැනුම ඇතිවයි. ඒ වැඩමුළුව සාර්ථකව නිම කළ සෙව්වන්දි සමෘද්ධියෙන්ම ණයක් ගෙන පහන් තිර ඇඹරීමට මැෂිමක් මිලට ගත්තාය. දරු දෙදෙනාගේ වැඩත් කරන ගමන් පහන් තිර සාදන ඇය ඒවා විකුණාගැනීමට ගෙයක් ගෙයක් ගානේ ගියේ දියණිය ද රැගෙනයි. පාසල් යන වැඩිමහල් පුතු ඇය එනතුරු රැකබලා ගත්තේ චමින්දගේ අම්මාය. දියණියට වසර එක හමාරක් පමණ වෙද්දී ඇයගේ වර්ධනයේ කිසියම් වෙනසක් පෙනෙන්නට විය. ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවන සෙව්වන්දි දියණියගේ මේ වෙනස්වීම ගැන විමසුවේය. එහිදී දියණිය වෛද්‍යවරයකු වෙත යොමු කරන පවුල් සෞඛ්‍ය සේවිකාව සෙව්වන්දිට පවසන්නේ දියණිය කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. කොතෙක් ප්‍රතිකාර කළද දියණිය සුව කැර ගැනීමට ද සෙව්වන්දිට නොහැකි විය. දියණියට වැලදී ඇත්තේ ශරීරය අප්‍රාණික වීමේ රෝගයකි. මතට ඇබ්බැහි වූ චමින්ද ද රැකියාවෙන් අස්වී නිවෙසට එන්නේ රෝගියකු ලෙසිනි.
සෙව්වන්දිගේ එකම බලාපොරොත්තුව වැඩිමහල් පුතු පමණි. කොතරම් අගහිඟකම් තිබුණත් ඉගෙනීමේ කටයුතු ඉතා හොඳින් කැරගෙන ගිය පුතා අවසාන සරසවි වරම් හිමි කැර ගනී.
රෝගී දියණියත්, රෝගී සැමියාත් රැකබලා ගනිමින් පහන් තිර සාදන සෙව්වන්දි ඒවා විකුණා ගෙයින් ගෙට යෑම නවත්වන්නේ දියණිය රැකබලා ගැනීමට කෙනෙක් නොවුණු නිසාය. පහන් තිර සෑදීමට අවශ්‍ය රෙදි ගෙන ඒමට වැඩිමහල් පුතු උදව් කරයි. සාදන පහන් තිර සති අන්තයේ දිනවල දඹුල්ල සහ ගලේවෙල සති පොළවල තබා විකුණන්න සෙව්වන්දි යන්නේ වැඩිමහල් පුතු ළඟ දියණිය නතර කැර තබාය. රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන පුතු සති අන්තයේ නොවරදවාම නිවෙසට එන්නේ අම්මාට පහන් තිර විකුණා ගැනීමට සතිපොළට යන විට නංගි බලා ගැනීමටයි. පොහොය දිනවල ද සෙව්වන්දි දියණිය වැඩිමහල් පුතු ළඟ තබා දඹුල්ල විහාරයේ ගල පාමුලට යන්නේ එහි එන බැතිමතුන්ට පහන් තිර විකිණීමටයි. පුරුද්දක් හැටියට බොහෝ බැතිමතුන් සෙව්වන්දිගෙන් පහන් තිර මිලදී ගන්නවා පමණක් නොව, වැඩිපුර මුදලක් ඇය අත තබා දඹුලු විහාරයට යන්නේ ඇය විදින දුක් ගැහැට ගැන සිතමිනි.
මෙලෙස පහන් තිර විකුණා ලබන මුදලින් දියණියට සහ සැමියාට අවශ්‍ය ඖෂධ මිලදී ගන්නා අතර, ගෙදර වියහියදම් ද යාන්තමින් ඇය පිරිමසා ගනී. ඇයට එකම සවිය වී ඇත්තේ වැඩිමහල් පුතු පමණි. දියණියට මේ වන විට වයස අවුරුදු දහතුනකි. දියණිය රැකගැනීමත්, සැමියාත් ජීවත් කරවීමත්, වැඩිමහල් පුතුගේ අනාගත සුරැකීමත් සෙව්වන්දිගේ සිතෙහි දෝංකාර දෙයි. නැතිබැරිකම් කොතෙක් තිබුණත් කාටත් අත නොපා තමා දන්නා ආර්ථික කළමනාකාරිත්වය ප්‍රයෝජනයට ගනිමින් සෙව්වන්දි පහන් තිර අඹරා උත්සාහ කරන්නේ තම ස්වයංන් රැකියාව තවත් අදියරක් ඉදිරියට ගෙන යෑමටයි. එසේම සෙව්වන්දි තම පවුල ජීවත් කරවන්නට දරන වෙහෙස තුළින් පෙන්නුම් කරන්නේ දිරිය කතකගේ අත්මශක්තියයි.
(මෙම ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්දයෙන් සම්පූර්ණ වගකීම රචකයා සතුවන අතර, ඊට ගමණී කොරෙයා පදනම වගකියනු නොලැබේ.)