Menu Close

GCF Appoints New Chairperson

The Gamani Corea Foundation is pleased to announce the appointment of Dr. Harsha Aturupane as the new Honorary Chairperson of the Board of Directors, effective January 2025.  Dr. Aturupane is a Lead Economist in the World Bankand has a Ph.D. and M.Phil. in Economics from the University of Cambridge and a B.A. in Economics (First Class Honors) and Diploma in Economic Development from the University of Colombo. He has been the Country Sector Coordinator for Human Development for Sri Lanka and the Maldives, and the Program Leader for Human Development for the Maldives, Nepal, and Sri Lanka, in the World Bank.

He has worked and written extensively in the fields of human development, human capital, education economics, higher education, general education, labor economics, welfare economics, and poverty reduction. He has led teams in the preparation and supervision of World Bank projects and programs covering higher education, general education, health, social protection, economic reform, and strengthening governance processes.

He was one of the founder members of the Foundation and has served on the Board of Directors since the inception of the GCF. He is a nephew of Dr. Gamani Corea.

Launch of Dr. Godfrey Gunatilleke’s Autobiography

The three-part volume autobiography, of Deshamanya Dr. Godfrey Gunatilleke, Chairman Emeritus of the Gamani Corea Foundation (GCF), was launched at the Sri Lanka Foundation Institute on  January 20, 2025. The GCF is honoured to have funded this publication.Dr. Godfrey Gunatilleke graduated in English (1st Class Hons) from the University of Ceylon in 1948. He entered the Ceylon Civil Service and served in senior positions in the Ministries of Lands Industry and Planning, prior to retiring in 1972 to establish the Marga Institute. He was consultant to the ILO UNCTAD, UNU, WHO and member of the Board of Trustees of the International Food Policy Research Institute.

He is the recipient of several International and national awards including the Eisenhower Fellowship USA; the Health for All medal awarded by the WHO; the “Deshamanya” award for distinguished public service and D.Litt conferred by the University of Colombo in 1996.

He has authored several books articles and publications on development issues. His involvement in the literary field includes the publication of the literary critical journal Harvest (1945), short stories (“The Garden”, “Thief in the Night”) and literary critical articles (“Language without Metaphor”). Dr. Godfrey Gunatilleke is at present Chairman Emeritus and Senior Advisor of the Marga Institute.

Seminar on “New Perspectives" 

A seminar on “New Perspectives on Economic Development in Sri Lanka”, published by the Gamani Corea Foundation was held on the  January 30 at the Lakshman Kadirgamar Institute.

This book contains a series of Gamani Corea memorial lectures and public lectures delivered by distinguished economists and public administrators over the last decade.  The range of topics and its content reflect the broad and deep interest of Dr. Gamani Corea in economics and development policy. Dr Corea played a leading role in the formulation of economic policy and planning in Sri Lanka in the first two decades after independence.

These lectures cover a wide range of topics concerning Sri Lanka’s economic development offering a wealth of empirical evidence to policymakers.  

More photos can be found by following the link.

https://www.facebook.com/share/p/1Coz1UAVfz/  

The e- copy can be found by following the link below: 

https://drive.google.com/file/d/1b407s0EMLN6EchWrJD5xvlGMMDa0iyES/view

SPOTLIGHT

Sumana who hails from the village of Thalkiriyagama in the Central province is a women who has experienced the good side of life as well as bad luck, loneliness and immense hardship including  discrimination. She deserves to be admired not only for her determination to succeed in the face of challenges but also for her strength of character and clear thinking on the choices she has made in life that has brought her the empowerment and success she now enjoys. She is not only an inspiration to other women who face similar problems but also a woman who could take leadership in the empowerment of rural women. 
 
වෙළෙඳ පොළ පාට කරන 
 සුමනාගේ  පාට පාට  පාපිසි
 
පවුලක ශක්තිමත් පදනම වන්නේ බොහෝ විට කාන්තාවයි. විශේෂයෙන් පවුලේ දරිද්‍රතාව තුරන් කිරීමට නොයෙක් ආදායම් මාර්ග සොයා යන ඇය එක තැනක නතර වන්නේ නැත. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලකිරියාගම ගම්මානයේ ජීවත් වන සුමනා ද එවැනි චරිතයකට කදිම නිදසුනකි.     
මව්පිය සෙවණේ හැදී වැඩුණු සුමනාට සහෝදර සහෝදරියන් අට දෙනෙකි. පවුලේ බාලයා වූ ඇයට මේ සියලු දෙනාගේ ම ආදරය ද නොඅඩුව ලැබිණි. ගොවිතැන් කරමින් ජීවත් වූ සුමනාගේ මව්පියන් තම දරුවන් පෝෂණය කිරීමට ගත් වෙහෙස ද අපමණය. දරුවන් නව දෙනකුගේ කුස පිරවීම එතරම් පහසු කාර්යයක් නොවුණත් එය හැකි පමණින් ඉටු කළ සුමනාගේ මව්පියන් සෑම තීරණයක්ම ගත්තේ ඔවුන්ගේ හෙට දවස ගැන සිතමිනි. එලෙස සිතූ සුමනාගේ මව්පියන් තම දරුවන් නව දෙනාම ගමේ පාසලට යැව්වේ ඔවුන්ටත් මහ පොළොව සමඟ පොර බඳින ගොවිතැන උරුමකර දීමට තිබූ අකමැත්ත නිසා වෙනි. නමුත් අධ්‍යාපනයෙන් නිසි ප්‍රතිඵල ගැනීමට කිසිවකුත් සමත් වූයේ නැත.
 
 
කාලය එලෙස ගෙවී යද්දී සුමනාගේ සහෝදරයන් තිදෙනෙක් පාසල් ගමනට සමු දී මව්පියන්ගේ ගොවිතැන් වැඩවලට උදව් කිරීමට තීරණය කළහ. සහෝදරියන් දෙදෙනෙක් ගෘහ සේවය සඳහා විදෙස් ගත වූවාය. සුමනා සහ තවත් සහෝදරියක් හිතවතකුගේ මාර්ගයෙන් කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට පැමිණියහ. 
අපේ කතාව ඇරඹෙන්නේ එතැන් සිටයි. සහෝදරිය සමඟ එක්ව කටුනායක ප්‍රදේශයෙන්ම කාමරයක් කුලියට ගන්නා සුමනා එහි සිට රැකියාවට පිටත්ව ගියාය. නුපුහුණු සේවිකාවක් ලෙස කර්මාන්ත ශාලාවට ඇතුළු වූ සුමනාට මුලින්ම ලැබුණේ මසා නිම කරන ඇඳුම්වල නූල් කැපීමටය. මාස කිහිපයක් එම රාජකාරිය කළ ඇයට ඇඳුම් මැදීමට සහ මදින ලද  ඇඳුම් නැවීමට උපදෙස් ලැබිණි. මේ සියල්ල මනාව කළ සුමනාගේ වැඩ ගැන පැහැදුණු කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්ය ඇයට මාසික වැටුප ලෙස ලැබුණු රුපියල් 5200ට තවත් රුපියල් 500ක් වැඩි කළාය. ලැබෙන වැටුපෙන් කොටසක් ගෙදරට යවන සුමනා මව්පියන්ට යම් සහනයක් සලසන්නට සමත් වූවාය. ඒ අතර සුමනාගේ විවාහක සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට ද යම් මුදලක් ලබා දුන්නේ අධ්‍යාපනයෙන් ඉදිරියට යෑමටයි. මහත් වුවමනාවෙන් රැකියාවේ නිරත වූ සුමනා මාසයකට වතාවක් ගෙදර ආවේ මව්පියන්ගේ සහ තම සහෝදර සහෝදරියන්ගේ සුවදුක් බැලීමටයි. එලෙස යන එන සුමනා දුටු දිසානායක , ඇය තමාට හිමි කැර ගැනීමේ අරමුණින් තම මව්පියන්ට පවසන්නේ සුමනාගේ මව්පියන්ගෙන් මේ පිළිබඳව විමසන ලෙසයි. පුතුගේ යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කළ දිසානායකගේ මව්පියන් සුමනාගේ මව්පියන් මුණ ගැසී මේ පිළිබඳව කතිකා කැර ගත්තේය. දෙපාර්ශ්වයේම මව්පියන් අකමැත්තක් නොවූ නිසා සුමනාගේ මව්පියන් තම දියණියට මේ පිළිබඳව දැන්වීය. ගමේම කෙනකු වූ දිසානායක ගැන දන්නා සුමනා ද , එම යෝජනාවට කැමැති වූවාය. පවුලේ එකම දරුවා වූ දිසානායකට යමක් කමක් තිබිණි. රජයේ රැකියාවකට උරුමකම් කී දිසානායක ගුණයහපත් කෙනකු වුවත් තරමක් දරදඩු චරිතයකි. 
 
 
අද මෙන් එදා දුරකතන පහසුකම් නොවූයෙන් දිසානායකගේත් සුමනාගේත් අදහස් හුවමාරු වූයේ ලිපි මාර්ගයෙනි. මසකට වතාවක් ගෙදර ආ සුමනා දැන් මසකට දෙවතාවක් හෝ තුන් හතර වතාවක් ගෙදර ඒමට පුරුදු වූවාය. ඒ දිසානායක හමුවීමේ අරමුණිනි. කාගේත් අකමැත්තක් නොවූයෙන් සුමනා ගෙදර ආ පසු දිසානායක ද සුමනාගේ ගෙදරට එන්නේ දහසක් බලාපොරොත්තු පොදි බැදගෙනය. එලෙස ටික කාලයක් ගෙවුණු පසු දෙපාර්ශ්වයේම ආශීර්වාද මැද සුමනා සහ දිසානායක එක වහලක් යටට පැමිණියහ. කොළඹ රැකියාවට සමු දුන් සුමනා දිසානායකගේ නිවෙසට යන්නේ සතුටින් කාලය ගෙවීමටයි. රැකියාව අවසන් වී නිවෙසට එන දිසානායකගේ සියලු ඕනෑ එපාකම් ඉටු කරන සුමනා ඔහුගේ මව්පියන්ට ද සැලකූයේ තමාගේම මව්පියන්ට මෙනි. දිසානායක ද සුමනාගේ මව්පියන්ට සැලකූයේ ද එලෙසිනි.
සතුටින් කාලය එලෙස ගෙවී යද්දී සුමනා මවක වීමේ ලකුණු පහළ වූවාය. එයින් සතුට උතුරා ගිය දිසානායක , සුමනාට අබමල් රේණුවක තරම්වත් අඩුවක් නොකළේය. දස මාසයක් ගෙවුණු තැන පුතකු මෙලොවට දායාද කළ සුමනාගේ සතුට නිම්හිම් නැති වූවාය. පුතුට මාසයක් සපිරෙද්දී දිසානායක රිය අනතුරකින් මරණයට පත් වන්නේ සුමනා අන්ත අසරණ  තත්ත්වයට පත් කරමිනි. 
පුතාට මේ ඉරණම අත්වූයේ සුමනා විවාහ කැර ගැනීමෙන් බවට දොස් නඟන දිසානායකගේ මව්පියන් සුමනාත් කිරි කැටියාත් නිවෙසින් එළවන්නේ දිසානායකගෙන් සුමනාට හිමි විය යුතු සියලු දේ අහිමි කරමිනි. එතැන් පටන් සිය මහ ගෙදර ජීවත් වූ සුමනා පුංචි පුතු අම්මා ළඟ දමා කුලී වැඩට ගියාය. එයින් හම්බකර ගත් මුදලින් පුතා පෝෂණය කළ සුමනා මව්පියන්ට ද හැකි පමණින් උදව් කළාය. පුතා පාසල් යන වයස පැමිණීමත් සමඟ කුලී වැඩ කර ලබන මුදල ප්‍රමාණවත් නොවූයෙන් තවත් ආදායම් මාර්ගයක් ලෙස ගමේම කඩ දෙක තුනකට ඉදිආප්ප, ලැවරිය, පිට්ටු ආදී කෑම වර්ග කිහිපයක් සෑදීමට පටන් ගත්තාය. උදේ පාන්දරින් අවදිවන සුමනා කඩවලට දැමීමට අවශ්‍ය කෑම ටික සාදා පිළියෙළ කර පුතා පාසලට  ගෙන ගියේය. පසුව සෑදූ කෑම කඩවලට දමන සුමනා උදෑසන අට පමණ වන විට කුලී වැඩට ද පිටත්ව යයි. පුතා පාසලේ සිට නිවෙසට රැගෙන ඒමට සුමනාගේ අම්මා, පුතු හොඳින් රැකබලා ගනී. සුමනාට එය අස්වැසිල්ලකි. අව්ව වැස්ස නොබලා වෙහෙසුණු සුමනා තමාට මෙවැනි ඉරණමක් අත්වේ යැයි කිසිවිටෙකවත් නොසිතුවාය. දිසානායකගේ පවුලෙන් කිසිදු හව්හරණක් නොලැබෙන බව තේරුම් ගත් සුමනා පුතු වෙනුවෙන් අනාගතය ශක්තිමත් කැර  ගැනීමට අධිෂ්ඨාන කර ගත්තාය. ඒ වෙනුවෙන් ඇය සෑම තත්පරයක්ම ප්‍රයෝජනයට ගත්තාය. කුලී වැඩ නොමැති දවස්වලට නිවෙසේ සිට මල් පෝච්චි සෑදීමට ඉගෙන ගත් සුමනා එයින් ද ආදායමක් ඉපැයීමට සමත් වූවාය. 
 
 
මෙලෙස ආදායම් මාර්ග සොයා ගත් සුමනා මව්පියන්ගෙන් ලැබුණු ඉඩමක කුඩාවට නිවෙසක් ඉදි කර ගැනීමට ද මුල පිරුවාය. ඒ සඳහා සහෝදර සහෝදරියන්ගේ ද උපකාර ලැබිණි. එලෙස අඩක් නිම කළ නව නිවෙසට පදිංචියට යන සුමනා පුතාට ඉගැන්වීමට උත්සාහ කළ ද එයින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි විය. පසුව පුතා කාර්මික විද්‍යාලයක පුහුණු පාඨමාලාවකට යොමු කළ ද එය ද සාර්ථක නොවිණි. මේ අතර දිනක් නිවෙසක වැසිකිළි වළක් හැරීමට භාර ගන්නා සුමනා අඩි දහයකටත් වඩා ගැඹුරු වළක් තනිවම හෑරුවාය. ඉනිමඟක් ආධාරයෙන් වළේ පස් ගොඩට ගන්නා සුමනා පිරිමියකුට නොදෙවෙනි ලෙස ඒ කාර්යය සිදු කළාය. දිනක් කැපූ වළේ සිට පස් බාල්දියක් හිසේ තබාගෙන ඉනිමඟට නඟින සුමනා ට සමබරතාව ගිලිහී ගොස් නැවතත් වළට වැටුණේ කිසිත් කරකියා ගත නොහැකි වන ආකාරයෙනි. නිවැසියන් පැමිණ සුමනා ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ අතර, ඇයගේ කකුලක් කැඩී තිබුණේ මාස ගණනක් ඇයව එක්තැන් කරමිනි. එලෙස එක්තැන් වූ ඇය සැමවිටම සිතුවේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නයි. කිහිලිකරු ආධාරයෙන් ඇවිදීමට හැකියාව ලැබුණු පසු සමෘද්ධි නිලධාරිනිය හමුවන ඇය ණය මුදලක් ලබා ගැනීමට හැකි මාර්ගයක් විමසයි. සුමනා ණය මුදලක් ඉල්ලන්නේ ගෙවීමේ ක්‍රමයට මහන මැෂිමක් ගැනීමටයි. ඒ සඳහා අවස්ථාව ලැබෙන ඇය ගෙවීමේ ක්‍රමයට මහන මැෂිමක් මිලදී ගනී. පසුව තනි කකුලෙන් පාපිසි මසන්නට පටන් ගන්නා සුමනා ඒවා අලෙවි කිරීමට ද නිවෙස ඉදිරිපිට පොල් අතු සෙවිලි කළ කුඩා කඩයක් සාදා ගනී. රුපියල් පනහක වැනි මුදලකට මුලින්ම පාපිසි අලෙවි කරන සුමනා විවිධ හැඩයේ පාපිසි නිර්මාණයට පටන් ගත්තාය. ඒවායේ මිල තීරණය වූයේ පාපිස්සට අවශ්‍ය වන රෙදි ප්‍රමාණය සහ ඒ සඳහා ගත වන කාලය සලකා බැලීමෙනි. මිල ගණන් කිහිපයක් යටතේ පාපිසි අලෙවි කළ සුමනා එයින් හොඳ ආදායමක් ලැබීය. තම ගමෙන් පිට පළාත්වල  ඇති  තොග සහ සිල්ලර  කඩවලට සුමනා තම පාපිසි අලෙවි කළාය. සමහර තොග සහ සිල්ලර වෙළෙඳුන් විසින්  සුමනාගේ පාපිසි නුවර, දඹුල්ල, අනුරාධපුර  ආදී ප්‍රදේශවලට රැගෙන යන ලදි. මේ අතරතුර සුමනා කුඩා දරුවන්ට ඇඳුම් මැසීමට ද පටන් ගත්තාය. මේ සඳහා අවශ්‍ය රෙදි සුමනාගේ පුතා  අඩු මිලට ගෙනත් දුන්නේ මහරගම, පමුණුව ප්‍රදේශයෙනි. වැඩි කලක්  යෑමට පෙර සුමනාගේ පාපිසි සහා ළමා ඇඳුම් ගලේවෙල සහ දඹුල්ලේ සති පොළේ ජනප්‍රිය විය.  ඊට ප්‍රධාන හේතුවක්  වූයේ පාපිසි මැසීමේදී අලංකාර වර්ණ රෙදි කැබිලි  යොදා ගැනීමත්, පාපිසි ශක්තිමත් ලෙස මසා නිමකැර තිබීමත්ය. මෙයින් සුමනාගේ ආදායම  දිනෙන් දින වැඩි වූ අතර, මුදල් මනා ලෙස කළමනාකරණය කැර ගනිමින්  සිය ස්වයං රැකියාව  ඉදිරියට ගෙන ආ සුමනා   නිවෙසේ ඉතිරි වැඩ ද ටිකෙන් ටික නිම කැර  ගැනීමට සමත් වූවාය.  සුමනා මේ වන විට  සිය ස්වයං රැකියාව සුළු ව්‍යාපාරයක් දක්වා සංවර්ධන කැර ගැනීමට සැලසුම් සකස් කැර ගනිමින්  සිටි. එසේම පුතාගේ අනාගතය ගැන සිතු සුමනා  ඔහුව  කාර්මික පුහුණු පාඨමාලාවකට යොමු කෙළේ දැනුම හා අවබෝධය තුළින් ජිවිතය  ජයගැනීමට සිතූ නිසාය.  සුමනාට  ඉහළ අධ්‍යාපනයක්  නැති වුවත්,  පුතාට ඒ සඳහා මාර්ගය සකසා දීම මේ සමඟම කැප විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් , සුමනාගේ පුතා විදෙස් ගත  වූ අතර   ඔහු  සුමනාට එවන මුදල් සතයක් පසා  ඉතිරි කෙළේ  පුතාගේ අනාගතයත්, අරම්භ වී ඇති කුඩා ව්‍යාපාරය  ඉදිරියට ගෙන යෑමේ අරමුණත් ඇතිවය.
නොසිතූ දුක් කම්කටොලු රාශියක් මැද අතරමං වූ සුමනා ජීවිතය ජය ගත්තේම දැඩි කැපවීම සහ ආත්ම විශ්වාසය නිසාමය. තමාට පිහිටට ඉන්නේ තමා ම බව තේරුම් ගත් ඇය එය ලෝකයාට පසක් කැර දීමට සමත් වූ දිරිය කතක් වුවාය. 
 
 
 දිල්හානි ඩයස් 
( මධ්‍යම පළාත)   
 
(මෙම ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්දයෙන් සම්පූර්ණ වගකීම රචකයා සතුවන අතර, ඊට ගමණී කොරෙයා පදනම වගකියනු නොලැබේ.)