Menu Close

Newsletter – March

Gamani Corea Foundation Calls for Research Proposals for GCF Research Awards 2025-2026

The Gamani Corea Foundation (GCF), in its second round of competitive research award scheme, is now accepting applications for Research Awards 2025-2026. The award scheme prioritizes high quality fundamental and applied research in economics and allied social sciences with a strong emphasis on advancing Sri Lanka’s economic development.

As in the previous round, the GCF Research Awards 2025-2026 offer two types of grants:

Individual Grants and Team Grants. Individual researchers or research teams interested in applying are required to submit an Expression of Interest (EOI), which must include:

  •  The title of the proposed research
  • A brief abstract summarizing the project
  •  The curriculum vitae (CV) of the researcher(s) involved

The individuals or teams whose EOIs are accepted by the GCF will be invited to submit a detailed research proposal based on the stipulated guidelines. The application window will be opened on March 30, 2025, and the completed EOIs must be submitted to research@gcfsl.org on or before May 25, 2025.

For more details and to access the full application guidelines, please visit the GCF website:

GCF Research Awards 2025/2026

GCF  Sri Lanka Innovators Forum Symposia

The GCF engaged in a stakeholder consultation which aimed to bring together various academics, officials and intellectuals to help draft ideas for the development of Sri Lanka according to sound national planning principles. This symposium is an important component of a GCF project, the Sri Lanka Innovators Forum (SLIF).

The objective of the symposia is to approach critical needs of all citizens, ensuring that development is inclusive, sustainable and aligned with national objectives.

Representatives of various governmental departments, including the National Planning Department were present at this discussion.

The meeting was chaired and is the brain child of Dr. Lloyd Fernando, the former State Secretary, of the Ministry of Policy Planning and Implementation and Director General, of National Planning.  Dr. Lloyd is also Chairperson Emeritus at the Gamani Corea Foundation.

Also present, were current GCF Honorary Chairperson and Lead Economist at the World Bank, Dr. Harsha Aturupane, and Professor Sirimevan Colombage, a Director of the GCF.

Forthcoming Symposium on Beyond the Economic Crisis 

A symposium under the theme ‘Beyond the Crisis: Reforming Macroeconomic Policies in Sri Lanka’ is scheduled to be held at the Open University of Sri Lanka (OUSL) on April 11, 2025. This symposium is organized by the Department of Social Studies, OUSL in collaboration with the Gamani Corea Foundation (GCF). 

At this symposium, Prof. Sirimevan Colombage will make a presentation on the progress of the macroeconomic reforms and impending policy challenges. It will be followed by a panel discussion to be conducted by Prof. Sirimal Abeyratne, Dr. Roshan Perera and Dr. R.H.S. Samaratunga. Dr. Harsha Aturupane and Prof. Neavis Morais will moderate the discussion.

Spotlight

Following our invitation to participants of the Freda Corea Awards competition, to share stories of inspirational women in their provinces. we have received several stories from writers in the provinces. Today the spotlight falls on Thanuja from the Western province.

Thanuja’s story is a mixed bag of rejection, love, determination, regret, success and failure. However, her initial victories were dampened by an unfortunate downturn due to ill health and the impact of COVID-19.  However these challenges did not deter her from moving forward in her journey toward empowerment.

Her determination and strength of character is an inspiration to other women who have not yet resolved to develop their latent skills and contribute positively to the upliftment of their families and the economy of the country as a whole.

මැෂිම පාගා ජීවිතය ජයගත්

 අපේ  කාලයේ සන්නාලිය

වීදුරු පිසදා ඔප නොදමන තාක් අවපැහැයෙන් යුතු වුවත් ඊට නිසි ඔප දැමීමක් ලැබුණු තැන්හි එය අනෙක් සියල්ල පරායා දිලිසෙමින් බැබළෙන්නේ වටපිටාවන්හි කිසිඳු දෙයක් තඹයකට මායිම් නොකර ගනිමිනි. ගැහැනිය ද එසේමය. තමන්ට ජීවිතයේ මුහුණ දෙන්නට සිදු වූ අභාග්‍යයන්ම තමන්ගේ ජීවිතයට ආභරණයක් කර ගනිමින් දිනූ කාන්තාවෝ ලෝකයේ ඕනෑ තරම් සිටිති. දරිද්‍රතාවයෙන් හෙම්බත්ව අනාගතයක් ගැන සුබවාදී දර්ශනයක් ඇස් මානයකවත් නොමැති වටපිටාවක ජීවත්ව සිට මේ වන විට සමාජයට ආදර්ශමත් ශක්තිමත් කාන්තාවක් ලෙසින් ජීවිතය දිනා ඇති කාන්තාවන් පිරිමි පාර්ශ්වයට ද ආදර්ශයක් වූ අවස්ථා ඇත. මේ කතාකරන්නට යන ‘බර්ටි ගෙදර තනුජා’ හෙවත් ඕ.පී. තනුජා ප්‍රියදර්ශනී ද එවන් ආදර්ශමත් දිරිමත් කාන්තාවකි. 

කළුතර, බේරුවල, පුස්සලමුල්ල ප්‍රදේශයට තනුජා පැමිණෙන්නේ පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ සිටියදීය. මවුපියන්ගෙන් නිසි හවුහරණක් නොලැබුණු තැන තමන් සොයා ආ ප්‍රේමවන්තයා සමඟ අලුත් ජීවිතයක් අරඹමින් නුහුරු පරිසරයකට පැමිණෙන තනුජා එතැන් සිට සිය සැමියාට ශක්තියක් වෙමින් ජීවිතය දිනන්නට වෙර දැරුවාය. තනුජාගේ ජීවිතයේ සාර්ථකම සන්ධිස්ථානය සනිටුහන් කරන්නේ රෙදි මසන තරුණයකු වන කොස්ගොඩගේ බර්ටි උදය නම් තරුණයාය. යන්තම් අවුරුදු 17 වෙද්දීම තනුජා බර්ටි හා විවාහ වන්නේ දෙපාර්ශ්වයේ සියලුම දෙනාගේ කිසිඳු ආශිර්වාදයකින් තොරව හිතු මනාපයටය. ඒත් සමඟින් 10 ශ්‍රේණියෙන් ඇගේ පාසල් ගමන ද නැවතී ගියේය. බතක් ඉදවා ගන්නට වළඳක්, පිඟානක්වත්, රැකියාවක්වත් නැතිව දෙදෙනාට තනිවම ජීවිතය අරඹන්නට සිදු විය. සිතූ තරම් එය පහසු කාරණයක් නොවුණත් ඔවුන් දෙදෙනාට දිනන්නට අධිෂ්ඨානයක් විය. ඊට තනුජාගේ අතීතය ඕනෑවටත් වඩා උදාහරණ සපයා තිබිණ. බර්ටි ඔහුගේ පියාට හෝ සහෝදරයාට මහන්නට අත් උදව් දී හමුවන සොච්චමකින් ටික කාලයක් ජීවිතය ගෙවා දැමුවත් එන්න එන්නම අගහිඟකම්, අඩුපාඩු හතරවටින් ඔවුන්ට පීඩා ගෙන දෙන්නට විය. මේ අතරේ තනුජා ද සිය සැමියා අත්උදව් දෙන්නට යන ඔහුගේ නෑදෑයන් සමීපයට යන්නේ උඩක් පළලක් නොදත් ශාස්ත්‍රයක් හදාරන්නට ද යටි සිතේ වූ බලාපොරොත්තුවකිනි. සැමියාගේ අක්කා ටිකෙන් ටික තනුජාට මහන හැටි කියා දුන්නාය. නූලක් කපන්නවත් හරි හැටි නොදැන සිටි තනුජා මැහුම තම ග්‍රහණයට නතු කර ගන්නේ හැකියාවටත් වඩා ධෛර්යය ඇය සමඟ සමාන්තරව ගමන් ගත් නිසාය. ඒ අනුව ඇය පොඩි පොඩි ඇඳුම් කෑලි මසමින් සැමියා සමඟ කුලී කඩ කාමරයේ තබා විකුණා තමන්ටම කියා මුදල් හම්බ කිරීමට පටන් ගන්තාය. අත් උදව් දෙමින් රෙදි මැසූ මේ යුවළ තමන්ටම කියා අනාගතයක් හදා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් අලුත්ගම, කාලවිල, පුස්සලමුල්ල ප්‍රදේශයට පැමිණෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂීම කාල පරිච්ඡේදය ආරම්භ කරමිනි.

පළමුවෙන්ම ඔවුන් කුලී කඩකාමරයට එන්නේ රුපියල් 2,000ක් මසකට ගෙවමින්ය. එක් පැත්තක මැෂින් එකක් දමාගෙන මහද්දී අනෙක් පැත්තේ කන බොන බඩු මුට්ටු අසුරාගෙන දිනකට එක වේලකින් සෑහෙමින් මේ දෙදෙනා මුල් අවධිය ගෙවා දැමුවේ විශාල අපහසුතා මධ්‍යයේය. මේ වන විට තනුජා ගවුම්, සාරි හැට්ට, කාන්තා හැට්ට මැසීමට අත හුරු කරගෙන සිටියාය. එක් මැෂිමකින් මසමින් සිටි ඔවුන්ට හිතවතකුගෙන් තවත් මැෂිමක් මේ කාලයේ ලැබුණු අතර, ටික දිනකින්ම ඔවුන්ට තමන්ටම කියා තවත් මැෂිමක් ගැනීමට ද හැකි විය. සැමියා පිරිමි ඇඳුම් මසද්දී තනුජා කාන්තාවන්ට ඇඳුම් මැසුවාය. ඔවුන් පළමුවෙන්ම මැසූ ගවුමකට අය කළ මුදල වූයේ රුපියල් 200කි. සාරි හැට්ටයක මිල ද රුපියල් 200කි. ඒවා මිනිසුන් අතරට යද්දී ටිකෙන් ටික බොහෝ දෙනා ඔවුන් සොයා ආවේ ඇඳුම් මෝස්තරය කටින් කියූ පමණින් දශමයක් මිමි, මෝස්තර එහා මෙහා නොවී මනා නිමැවුමකින් යුතුව ඉතා යුහුසුළුව මසා දීමට ඔවුන් සමත්කම් දැක්වූ නිසාය. ඔවුන් අය කළ මුදල ද සාධාරණ වීම ඔවුන්ට දියුණු වීමට තවත් හේතුවක් විය. එපමණකින් නොනැවතුණු ඔවුන් ජනෙල් දොරවල් රෙදි මැසීමට ද ඇනවුම් භාර ගන්නේ මේ කාලයේදීය. එයද ඔවුන් සිතුවාට වඩා සාර්ථක විය. මේ අතර අතේ එකතු කර ගත් රුපියල් 20,000ක මුදල වැය කර රෙදි ගෙනත් දමාගෙන රෙදි සාප්පුවක් ලෙසින් ඔවුන් තවත් අඩියක් ඉදිරියට තැබීය. මේ අතරේ කිරි සිනා ගෙනෙමින් පළමුවෙන්ම දියණියක්, දෙවනුව පුතෙක් හා තුන්වනුවත් පුතෙක් ඔවුන්ගේ පවුලට එකතු වන්නේ තවත් බලාපොරොත්තු, වගකීම් ගොන්නක් මේ යුවළයේ හිස මත පැටවෙද්දීය. නමුත් තුන්වැනි දරුවා ලැබී සතියක් යන්නටත් මත්තෙන් තනුජා යළි මැෂිම පාගන්නට තරම් ධෛර්යමත් වූයේ තමන් පෙර විඳි කටුක දිවියේ හෙවනැල්ලක්වත් තම දරු තිදෙනාට නොවදින්නට නම් තමන් මහන්සි විය යුතු බව අදිටන් කරගෙන සිටි නිසාය.

අදියරෙන් අදියර ජීවිතය දිනමින් තනුජා පුස්සලමුල්ල සණස බැංකුවෙන් ලබා ගත් ණය මුදලකින්  පුංචි ඉඩමක් ගෙන එනැත තමන්ටම කියා නිවහනක් ඉදි කරගන්නේ ද මේ කාලයේදීමය. අවුරුදු 10ක් 15ක් යන තෙක් වරින්වර ණය මුදල් ලබා ගනිමින් කඩින් කඩ ඔවුන් ඉදි කළ නිවෙස මේ වන විට මධ්‍යම පාන්තික පවුලකට අවශ්‍ය සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවෙසකි. ඊට යාබදවම රෙදි මසන නව සාප්පුව පවත්වාගෙන යන අතර, මේ වන විට එතැන මැෂින් හඬක් නෑසෙන දිනයක් නොමැති තරම්ය. ඔවුන් තවත් විශාල කඩඉමක් පසු කරමින් අලුත්ගම දුම්රිය පොළ පාරේ “BU Curtain & Tex" නමින් විශාල සාප්පුවක් විවෘත කරන්නේ මේ අතරේදීය. එහි එක් අංශයක් ජනෙල් දොර රෙදි සහ ඒවාට අවශ්‍ය සියලු අංගෝපාංගයන් සැපයීම වෙනුවෙන් වෙන් වෙද්දී අනෙක් අංශය රෙදි සඳහා වෙන්ව ඇත්තේ ඕනෑම මෝස්තරයක ඕනෑම වර්ගයක රෙදි එකම තැනකින් ලබා ගැනීමට පාරිභෝගිකයාට පහසුව ඇති කරමිනි. එපමණක් නොව, මේ වන විට ඔවුන් අප්‍රේල් දෙසැම්බර් මාසවල හැර සෙසු මාසවලදීත් මසකට දොර ජනෙල් රෙදි සැපයීමේ ඇනවුම් 15කට ආසන්න ප්‍රමාණයක් භාර ගනිමින් ව්‍යාපාරය ජය ගනිමින් සිටී. ඒවා මැසීම සඳහාම වෙනත් ස්ථානයක දෙදෙනකු සම්බන්ධ කරගෙන සිටින අතර, නිවෙස්වලට ගොස් ඒවා සවි කිරීමට තවත් අයකු සම්බන්ධ කර ගෙන සිටී.  අප්‍රේල් දෙසැම්බර් යනු ඔවුන්ට සපයා ගැනීමටවත් නොහැකි තරම් දොර රෙදි ඇනවුම් ලැබෙන කාලයකි. එම ඇනවුම් අතර අලුත්ගම ප්‍රධාන පෙළේ හෝටල්වල ටෙන්ඩර් ද පවතින බව ඇය සිහිපත් කළේ සියුම් ආඩම්බරයකිනි. ඊට නොදෙවෙනිව තනුජාගේ කාන්තා ඇඳුම්වලට ද ඇති ඉල්ලුම එන්න එන්නම වැඩි වූයේ ඇය පෙර පාසල්, පාසල් නිල ඇඳුම් මෙන්ම විවිධප්‍රසංග, සරඹ සංදර්ශන ආදියටත්, එතැනින් නොනැවතී රූපලාවණ්‍යාගාර හරහා ලැබෙන ඇනවුම් අනුව මංගල ඇඳුම් මැසීමටත් පටන් ගැනීමත් සමඟය. ඔවුන් ඇරඹූ මේ ස්වයං රැකියාව ව්‍යාපාරයක් බවට පත් වෙමින් සාර්ථක වන්නට වැඩි කායලක් ගත වූයේ නැත. මේ වන විට ඇය යටතේ ද කාන්තා ඇඳුම් මැසීමට පමණක් දෙදෙනෙක් සේවය කරන අතර, වැඩ අධික දිනවලදී තවත් කාන්තාවන් කිහිප දෙනකු ඔවුනට සහායට ගැනීමට ද ඔවුන් කටයුතු කරයි. 

මේ ගෙවුණු කාලයේදී ද ඔවුන්ට අතර මැදදී බොහෝ කඩා වැටීම් හැලහැප්පීම්වලට මුහුණ දෙන්නට සිදු විය. එහි මූලාරම්භය වූයේ අධික වෙහෙස, නිදි මැරීම ආදියේ අතුරු ප්‍රතිඵල වශයෙන් වයස 24 සිටම තනුජා දරුණු දියවැඩියා රෝගියකු බවට පත් වීමයි. එතැන්පටන් ඇය ඉනිසියුලින්වලින් ජීවත්වන දියවැඩියා රෝගියෙකි. ඇගේ බෙහෙත් සඳහා මසකට රුපියල් 20,000ක් පමණ වැය වෙයි. බාධක එන්නේ අනාරාධිතවම බව පසක් කරමින් ලොවම පීඩාවට පත් කළ කොරෝනා සමය තනුජලාගේ ජීවිතය ද විශාල පසුබෑමකට ලක් කළ කාලයක් විය. කොරෝනා සමය ඇරඹුණේ ඔවුන් අලුත්ගම නව රෙදි සාප්පුවට අත තිබූ මුදල් යට කොට හරියටම මාසයකදීය. ඉන් ඔවුන්ට ලාභයක් තබා වියදමවත් පියවා ගැනීමට කාලයක් ලැබුණේ නැත. මාස ගණනාවක් සාප්පුව වසා දමා, නිවෙසේවත් මැහුමක් කරගත නොහැකිව කිසිම ආදායමක් නැතිව දස අත කල්පනා කරමින් සිටි ඇය මේ අතරේ ‘මාස්ක්’ මැසීමට පටන් ගත්තාය. එය හිතුවාටත් වඩා සාර්ථක වූයේ වෛද්‍යවරුන් පවා පැමිණ ඔවුන් මැසූ මාස්ක් මිලදී ගැනීම නිසාය. ඒ සඳහා ගෙදර සාප්පුවේ තිබූ රෙදිම යොදා ගැනීමෙන් ඔවුන්ට අමතර පිරිවැයක් නොදරාම ආදායමක් ලබා ගත හැකි විය.

මෙසේ විවිධ හැලහැප්පීම් මත ඉදිරියට ආ ඔවුන්ගේ ජීවිතයට දැන් දැන් ආලෝකය පතිත වෙමින් තිබේ. තනුජාගේ දියණිය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව උපාධිය හදාරමින් සිටියි. දෙවැනි පුතු උසස් පෙළින් පසු මවුපියන්ගේ ව්‍යාපාරයට සහාය දෙමින් සිටින අතර බාල පුතු තවමත් 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියි.

තනුජා පාසල් කාලයේ තුන් ඉරියව්වෙන් ක්‍රීඩා දක්ෂතා දැක්වූ පාසල් ක්‍රීඩිකාවකි. එමෙන්ම ඇය ඉගෙනීමට ද දස්කම් දැක්වූවාය. නමුත් ඒ සියල්ල ඇයට අහිමි වන්නේ ඇයට ඉගෙනීමට අත දීමට කිසිවකු නොවූ නිසාය. ඇය අධ්‍යාපනය අතහැර දැමුවත් ඇය අදටත් පසුතැවිලි වන කාරණයක් ඇත්නම් ඒ ඇගේ අධ්‍යාපනය අඩාල වීමයි. එපමණක් නො, ලැබීම් සොයා යනවා විනා හඹා ආ අවස්ථා ඇගේ ජීවිතයේ ඇත්තේම නැති තරම්ය. ගමේ ඇතැමුන්ට රජයෙන් මැෂින් බෙදද්දී ඇයව මඟහැරිණ. රජයෙන් ලබා දෙන කිසිඳු ආධාරයකට ඔවුන් හිමිකම් කීවේ නැත. අඩුම තරමේ දියණියට මහපොළ ශිෂ්‍යාධාරයවත් හිමි නොවිණ. නමුත් ඇය ජීවිතය දින්නාය. දැන් ඇයව ප්‍රතික්ෂේප කළ අයගේ එකම හවුහරණ ද ඇයයි.  ප්‍රතික්ෂේපවීම්ම ජීවිතයට පන්නරයක් කර ගත් තනුජා ආදර්ශමත් දිරිය  සුළු ව්‍යාපාරික කාන්තාවකි. ධෛර්යවන්ත මවක් හා සැමියකුට හිමි විය යුතුම ආදරණීය උත්සාහවන්ත බිරියකි.ඇය අදවන විට  අගහිඟ‍කම්වලින් පීඩා විදින තම ප්‍රදේශයේ කාන්කාවන් කීප දෙනකුට රැකියා ලබා දුන් දිරිය ව්‍යවසායිකාවක් වී අවසන්ය.  

 චාමිකා මුණසිංහ

 බස්නාහිර පළාත

(මෙම ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්දයෙන් සම්පූර්ණ වගකීම රචකයා සතුවන අතර, ඊට ගමණී කොරෙයා පදනම වගකියනු නොලැබේ.)