Menu Close

Newsletter – November

The Gamani Corea Retrospective organized by the Bandaranaike Center for International Studies (BCIS) was held on November 22, 2024, It was part of event series of BCIS, “Festival of Ideas”
Two of the GCF’s Board members, Dr. Indrajith Coomaraswamy (former Governor of the Central Bank of Sri Lanka) and Dr. Dushni Weerakon (Executive Director, Institute of Policy Studies) were among the panelists at the event.

The discussion focused on Dr Corea’s contribution to the Global South, debt restructuring, and alternatives to the international economic order.

Book Launch

The book ‘Catalyzing Good Governance Through National Media’ authored by Senior Journalist/Media Specialist Shiranee Dissanayake was launched on 7 November 2024 at 4.00 p.m. at the Lighthouse Auditorium, Lakshman Kadirgamar Institute 24, Horton Place Colombo 7. The first copy of the book was presented to the Guest of Honour, Dr. Senesh Dissanayake Bandara, Chairman, Sri Lanka Rupavahini Corporation. The event was graced by Dr. Lloyd Fernando, Chairman Gamani Corea Foundation, Dr. Harsha Aturupane, Deputy Chairman, Gamani Corea Foundation, Ravinatha Ariyasinha Director, Gamani Corea Foundation and M.J.R. David, Director, Emergent Works UK, who addressed the gathering, and members of the Diplomatic Corps, professionals, academics, media personnel. The book is available for sale at the Gamani Corea Foundation and Sarasavi Book Shop.   

Read more –

https://epaper.dailynews.lk/article/DailyNews?OrgId=25115bcdee3a&imageview=2&standalone=1&device=desktop

Spotlight

Sumana’s story is one of sheer determination and grit. Her life was not merely one of great challenges which she effectively overcame with the help of her husband Weerakoon but also one wreaked with tragedy. However, her determination, business sense, strength of character and grit has made her the successful woman she is today.

ධාන්‍යවලින් ජිවිතය ජය ගත් සුමනා

කෘෂි කර්මාන්තය සිය ජීවනෝපාය කැර ගත් බහුතරයක් දෙනා ජීවත් වූ ගම්මානයක් ලෙස තලකිරියාගම හැඳින්විය හැකිය. මේ ගමේ ජීවත් වූ පවුල් අතර මනා සබඳතාවක් ද ගොඩනැඟී තිබුණි. ඒ විශ්වාසය නිසාම ඔවුනොවුන් අතර විවාහ ගිවිස ගැනීම් ද සිදු විය. එලෙස එක් වූ දෙදෙනෙකි, වීරකෝන් සහ සුමනා. දෙදෙනාටම ස්ථිර රැකියාවක් නොවූ හෙයින් මවුපියන්ගේ ගොවිතැන් කටයුතුවලට උදව් කරමින් ජීවත් විය. පසුව වීරකෝන්ගේ මවුපියන්ගෙන් ලැබුණු ඉඩමක මැටි ගසා පොල්අතු සෙවිළි කළ කුඩා නිවෙසක් ඉදිකරගෙන එහි පදිංචියට සුමනා සමඟ පැමිණියාය. එලෙස පැමිණි මොවුන් එම ඉඩමේ ම කොටසක එදිනෙදා ආහාරයට ගන්නා එළවළු කිහිපයක් වගා කළ අතර, එයින් ලැබෙන අස්වැන්න නිවෙස ඉදිරිපිට තබාගෙන අලෙවි කරන ලදි. එයින් ලැබුණු ආදායම එදිනෙදා කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් නොවූ අතර, අනාගතය ගැන සිතූ සුමනා පොල්අතු වට කැර එළවළු විකිණීමට කුඩාවට කඩයක් නිවෙස ඉදිරිපිට සාදා ගැනීමට තීරණය කළාය. ඒ සඳහා වීරකෝන්ගේ ද උපරිම සහාය ලැබිණි.

එලෙස ආරම්භ කළ එළවළු කඩයට ගමෙන්ම එළවළු එකතු කර ගැනීමට සිතූ වීරකෝන් එලෙස එළවළු සපයන්නන්ට සාධාරණ මුදලක් ද ලබා දුනි. ඒ වන විට සුමනා මවක වීමේ සුබ ලකුණු පහළ වූ නිසා එළවළු කඩේ රැඳී සිට ඒවා අලෙවිය ඇයට භාර දුන් වීරකෝන් එළවළු සොයා කඩයට රැගෙන ආවේය. සාධාරණ මුදලකට එළවළු අලෙවි කළ සුමනා ට වැඩි කල් යෑමට මත්තෙන් ස්ථිර පාරිභෝගිකයන් පිරිසක් නිර්මාණය කැර ගැනීමට හැකියාව ලැබිණි. එමෙන්ම දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මේ කඩයෙන් තවත් ආදායම් මාර්ගයක් සෙවීමට සිතූ සුමනා එළවළු වර්ග 10ක් ග්‍රෑම් 500ක් වන සේ   දමා බෑගයක් සෑදුවාය. එම එළවළු බෑගය රුපියල් 250කට විකුණුවේය. ඒ මීට අවුරුදු 20කට පමණ පෙරය. එදා තලකිරියාගම අශෝක එළවළු කඩේ යැයි කියූ විට බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතර ජනප්‍රිය තැනකි. මේ සඳහා වැඩි ඉල්ලුමක් පැවැතියේ එම මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවලිනි. දිනකට මෙලෙස සෑදූ එළවළු බෑග් 10ක් පමණ අවම වශයෙන් විකුණා ගැනීමට සුමනාට හැකියාව ලැබිණි. එයින් ආදායම ද තරමක් ඉහළ ගියේය. මේ අතරතුර දියණියක මෙලොවට දායාද කළ සුමනා දියණියගේ සියලු වැඩ නිමවා කඩේ වැඩත් කළේ තනිවමය. කාලය මනා ලෙස කළමනාකරණය කැර ගත් සුමනා දිනෙන් දින එළවළු කඩයේ ආදායම වැඩි කැර ගත්තාය. කටුමැටි නිවෙස වෙනුවට උළු සෙවිලි කළ අඩක් නිම කළ නිවෙසක් ඉදිකර ගැනීමට වීරකෝන්ට සහ සුමනාට හැකියාව ලැබිණි. දියණියට වසර දෙකක් සපිරෙද්දී පුතකු ද මෙලොවට දායාද කළ සුමනා තවත් ආදායම් මාර්ගයක් කෙරෙහි අවධානය යොමු කළාය. ඒ වී කෙටීමට හාල් මෝලක් දැමීමයි. ඒ මේ ප්‍රදේශයට තිබූ දැඩි අවශ්‍යතාවක් සපුරාලීමකි. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට බැංකුවකින් ණය මුදලක් ගත් සුමනා එළවළු කඩය පිටුපස හාල් මෝල සවිකිරීමට අවැසි ආකාරයට කාමරයක් සාදා ගත්තාය. ඒ සඳහා පූර්ණ ශ්‍රමය යෙදවූයේ වීරකෝන්ය.

එළවළු කඩයෙන් ලබන ආදායමට වඩා ඉහළ ආදායමක් හාල් මෝලෙන් ලැබෙන්නට විය. ගමේ පමණක් නොව පිට ගම්වලින් ද වී කෙටීමට මේ මෝලට පැමි‍ණෙන්නට විය. එය තවත් දියුණු කරමින් මිරිස්, තුනපහ සහ ධාන්‍ය වර්ග කෙටීම ට ද අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලට ගත් සුමනා ඒවා පැකැට් කැර විකිණීම ද සිදු කරන ලදි. එළවළු කඩේම කොටසක මේ කටයුතුත් සිදු  කෙළේය.  ඒ අතරතුර තවත් දියණියක මෙලොවට දායාද කළ සුමනා අංග සම්පූර්ණ පවුලක සාඩම්බර හිමිකාරිනියක් වූවාය.

මෙලෙස ආර්ථිකය සවිමත් වෙමින් තිබෙද්දී සුමනාගේ පවුල මුහුණ දුන්නේ නොසිතූ ඉරණමකටය. ඒ වීරකෝන් ස්නායු රෝගයකට ගොදුරු වී එක්තැන් වීමයි. වීරකෝන් අසනීප වී වසර දෙකක් පමණ යන විට පුතා ද එම රෝගයට ම ගොදුරු විය. මේ දෙදෙනා බලා ගැනීමට සිදු වූයේ ද සුමනාටයි. පවුලේ ආදායම් මාර්ගය ද රැක ගනිමින් ස්වාමියාගේ සහ පුතාගේ අවශ්‍යතා ඉටු කළ සුමනා මේ දෙදෙනාට ප්‍රතිකාර කිරීමට අප්‍රමාණව වෙහෙසුණි. නමුත් එම රෝගී තත්ත්වය සුව කැර ගැනීමට සුමනාට හැකියාව නොලැබිණි. සුමනාගේ එකම පිළිසරණය සිටියේ වැඩිමහල් දියණිය පමණි. පාසල් ගමනට සමුදුන් දියණිය කඩේ වැඩ වෙනුවෙන් කාලය යෙදෙව්වාය. සුමනා එක්තැන්ව සිටින ස්වාමියාගේ සහ පුතාගේ සියලු වැඩ නිම කැර කඩේ වැඩට යොමු වූවාය. කාලය ගෙවී යද්දී බාල දියණිය ද එම රෝගයටම ගොදුරු වූවාය. දැන් සුමනා තිදෙනකුගේ වැඩ කළ යුතුය. මේ රෝගී සුව කැර ගැනීමට කොතෙක් උත්සාහ කළ ද ඒ සියල්ල ව්‍යර්ථ විය. මේ තිදෙනාට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට කඩයෙන් ලැබෙන මුදල් ද ප්‍රමාණවත් නොවූ අවස්ථා තිබුණි.

වී ඇතුළු ධාන්‍ය වර්ග කෙටීමත්, එළවළු විකිණීමත් නොනවත්වා සිදු කළ සුමනා ධාන්‍ය වර්ග පැකැට් කැර විකිණීමට ද පටන් ගත්තාය. එයින්ද තවත් ආදායම් මාර්ගයක් විවර විණි. දරු දෙදෙනාත් ස්වාමියාත් එක්තැන්ව සිටිනු දුටු සුමනාට දැනෙන වේදනාව අපමණය. කෙසේ හෝ මොවුන් ජීවත් කරවීමට සුමනා උත්සාහ දරයි. නමුත් නොසිතූ මොහොතක වීරකෝන් ජීවිතයෙන් සමු ගනී. වීරකෝන් ජීවිතය හැර ගොස් වසර දෙකක් පමණ ගිය තැන පුතා ද ජීවන ගමන නිම කරයි. රෝගී දියණිය ද පුතා මිය ගොස් වසර එක හමාරක් පමණ ගිය තැන ජීවිතය හැර යයි. බලාපොරොත්තු ගොන්නක් සමඟ ජීවිතය ඇරඹූ සුමනා මුහුණ දුන් දුක්කම්කටොලුවලට විසඳුම තිබුණේ ද සුමනා ළඟමයි. වැඩිමහල් දියණිය වෙනුවෙන් සුමනා ජීවත් විය යුතුය. දියණියගේ හෙට දවස ගැන සිතා ආර්ථිකය ද ශක්තිමත් කැර ගත යුතුය. තවදුරටත් එළවළු කඩය පවත්වාගෙන යෑමටත්, වී මෝල පවත්වාගෙන යෑමටත් සුමනාට නොහැකි වූයේ ඇය ද මේ පීඩන දරා ගත නොහැකිව රෝගී වීමේ ලකුණු පහළවීම නිසාය. පසුව වී මෝලේ සියලු යන්ත්‍රසූත්‍ර විකිණූ සුමනා එයින් ලද මුදලින් එළවළු කඩය තිබූ තැනම කඩ කාමරයක් නිසි ලෙස සකසා ගත්තාය. පසුව එහි අලෙවියට තැබුයේ ධාන්‍ය වර්ගයි. රටකජු, කව්පි, මුංඇට, කුරක්කන් ආදී ධාන්‍ය වර්ගය තොගයට මිලට ගත් සුමනා ඒවා හොඳින් පිරිසිදු කැර පැකැට් සාදා අලෙවි කෙළේය. ජිවිතය සමඟ පොරබැදු සුමනා, කුඩා ව්‍යවසායිකාවක්  ලෙස  සිය දැනුම අත්හදා  බැලුවේ මේ අතරතුරය. ධාන්‍ය වර්ග කිහිපයක් මුසු කර පෝෂණීය ඖෂධ කැඳ වර්ගයක් හඳුන්වාදීමට ද සුමනාට හැකියාව ලැබුණේ  ඇගේ සීමිත ව්‍යවසායික ඥානය නිසිය. අද වන විට ඇය වටා විශාල පාරිභෝගික පිරිසක් නිර්මාණය වී ඇත්තේ මේ ඖෂධ කැඳ වර්ගය නිසාවෙනි. මේ සියලු කටයුතුවලට සුමනාට සහාය වන්නේ  ඇගේ දියණියයි.

ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබුණත් වීරකෝන් සමඟ සතුටින් ජීවන ගමන ඇරඹි සුමනාට මුහුණදීමට සිදු වූයේ ජීවිතයේ කවදාවත් බලාපොරොත්තු නොවූ ඉරණමකටයි. නමුත් සුමනාගේ සිතේ පැවැති ධෛර්යයත්, කැපවීමත් නිසාම ස්ථිර ආදායම් මාර්ගයක් සාදා ගැනීමට ඇයට හැකියාව ලැබුණා පමණක් නොව, ග්‍රාමිය කුඩා ව්‍යවසායිකාවක් ලෙස ජිවිත අභියෝග ජයගැනීමට  සමත්  විය.   මේ අනුව බලන විට  පෙනී යන මූලික කරුණක් වන්නේ, මොන බාධක පැමිණියත් තම පවුල රැකගත යුත්තේ තමන් විසින්ම යන්න  සුමනා මනා ලෙස  තේරුම් ගත්  දිරිය  කාන්තාවක්  වු නිසා   කාන්තා පරපුරට  ලබා දෙන්නේ  කදිම ආදර්ශයකි.

දිල්හානි ඩයස්

(මධ්‍යම පළාත)

(මෙම ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්දයෙන් සම්පූර්ණ වගකීම රචකයා සතුවන අතර, ඊට ගමණී කොරෙයා පදනම වගකියනු නොලැබේ.)